katunayake-incident

මහ මග ගමන් කර­මින් සිටි කාන්තා­වක් අපි­රි­සු­දුව සිටින බව පවසා බිය ගන්ව­මින් ඇයව පොලි­සි­යට ඉදි­රි­පත් කිරී­මට රැගෙන යන මුවා­වෙන් ත්‍රිරෝද රථ­යක නංවා­ගෙන පැහැ­ර­ගෙන ගොස් ඇගේ ගෙල බැඳි රන් මාල­යත් කනේ පැලදි කරාඹු ජෝඩු­වක් කොල්ලකෑ මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රුන් ලෙස පෙනී සිටි තිදෙ­නෙ­කුගේ කල්ලි­යක් කටු­නා­යක පොලි­සියේ නිල­ධා­රීන් විසින් පෙරේදා (12) අත්අ­ඩං­ගු­වට ගනු ලැබ තිබේ.

අධික ලෙස මත්කුඩු භාවි­ත­යට ඇබ්බැ­හිවී සිටින මෙම සැක­ක­රු­වන් තිදෙනා අවු­රුදු 38, 47 හා 70 යන වය­ස්වල පසු­ව­න්නන් බව කටු­නා­යක පොලි­සිය කියයි.

මර­දාන, දෙම­ට­ගොඩ සහ බොරැල්ලේ පදිං­චි­ක­රු­වන් වන ඔවුන් ත්‍රිරෝද රථ­යක නැගී ගම­න්ක­ර­මින් මෙසේ මහ­මග රැඳ‍ී සිටින අපි­රි­සු­දු­වට සිටින පුද්ග­ල­යන්ව කොල්ලකා ඇති බව පොලි­සිය කියයි.

පසු­ගිය 09 වැනිදා මෙම සැක­ක­රු­වන් තිදෙනා කටු­නා­ය­කදී ද කාන්තා­වක් පැහැ­ර­ගෙන ගොස් ඇත්තේ අපි­රි­සු­දු­වට සිටින බව කියා බිය ගන්ව­මිනි.

එම කාන්තා­වගේ කරෙහි තිබුණු රන් මාල­යත් කනෙහි තිබුණු කරාඹු ජෝඩු­වත් ඉමි­ටේ­ෂන් බව නොදැන ඇගේ රන් භාණ්ඩ කොල්ලකා ඇති බවත් පොලි­සිය කියයි. මේ ගැන මෙම කාන්තාව කටු­නා­යක පොලි­සි­යට පැමිණ පැමි­ණිලි කිරී­මෙන් අන­තු­රුව ආර­ක්ෂක කැමරා පරික්ෂා කර ත්‍රිරෝද රථයේ අංකය හඳු­නා­ගෙන සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ ආඬි­අ­ම්බ­ලම හා වල්පො­ළ­දීය.

සැක­ක­රු­වන් තිදෙනා සතුව තිබී හෙරො­යින් ග්‍රෑම් 06යි මිලි­ග්‍රෑම් 270ක් ද තිබී හමුවූ බව පොලි­සිය සඳ­හන් කළේය. පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක කාර්යා­ලය සඳ­හන් කරනු ලබන්නේ මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රුන් ලෙස පෙනී සිටි­මින් මෙම සැක­ක­රු­වන් විසින් විවිධ පුද්ග­ල­යින් රැව­ටී­මට ලක්කර සිදු කළ මුදල් හා රන් භාණ්ඩ කොල්ල­කෑම් සහ සොර­කම් රැසක තොර­තුරු අනා­ව­ර­ණය වී ඇති බවය.

මීග­මුව, ගම්පහ, හලා­වත, පෑලි­ය­ගොඩ, නිට්ට­ඹුව, කිරි­ඳි­වැල, කිරු­ළ­පන, නුගේ­ගොඩ, කටාන, වෙන්න­ප්පුව, ආදු­රු­ප්පු­වී­දිය, වත්තල, දෙම­ට­ගොඩ, මාදම්පේ, කඳාන, ජා-ඇල, යක්කල, අවි­ස්සා­වේල්ල සහ කැල­ණිය යන ප්‍රදේ­ශ­වල මෙවැනි අප­රාධ රැසක් සිදු­කර ඇති­බ­වත් ඒ සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණයේ නඩු පව­තින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක කාර්යා­ලය සඳ­හන් කරයි.

මෙම සැක­ක­රු­වන් සොර­කම් කරන ලද කරාඹු ජෝඩු 03ක්, රන් මුදු 01ක් ද සැක­ක­රු­ව­න්ගෙන් කළ ප්‍රශ්න කිරීමේ හමුවේ පොලි­සිය විසින් සොයා­ගෙන ඇත.
(ගයාන් කුමාර වීරසිංහ)