karapitiya-incident

“මගේ දරුවා බළ­න්ගොඩ රෝහලේ තියා­ගන්නේ නැතිව කලින්ම කරා­පි­ටි­යට එව්වා නම් ජීවිතේ නැති වෙන්නේ නෑ”යැයි තම එකම දරු­වාගේ මර­ණය සම්බ­න්ධ­යෙන් සාක්ෂි දුන් මැද­වත්තේ ජයන්ත ධර්ම­සිරි මහතා (40) කියා සිටි­යේය. ඔහු මේ බව කියා සිටියේ පෙරේදා (12) වැනිදා ගාල්ලේ, කරා­පි­ටිය ශික්ෂ­ණ‍ ‍රෝ­හලේ දී මාස 06ක් වය­සැති මැද­වත්තේ තෙනුක සසේන් ධර්ම­සිරි නමැති දරු­වාගේ මරණ පරී­ක්ෂ­ණයේ දී සාක්ෂි දෙමිනි. බළ­න්ගොඩ, සඳ­ගි­රිය ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි එම දරුවා කරා­පි­ටිය රෝහලේ ළදරු දැඩි සත්කාර ඒක­කයේ දී පෙරේදා (12) අලු­යම මිය‍ගොස් තිබිණි.



මෙම දරු­වාගේ මර­ණය සම්බන්ධ හදිසි මරණ පරී­ක්ෂ­ණය කරා­පි­ටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරී­ක්ෂක චන්ද්‍ර­සේන ලොකුගේ මහතා විසින් සිදු­ක­රන ලද අතර එහිදී සාක්ෂි දුන් දරු­වාගේ පියා වැඩි­දු­ර­ටත් මෙසේ ද කීවේය.

“මිය­ගොස් සිටින්නේ අපේ එකම දරුවා. පුතා ඉප­දෙ­න­කොට ඉතා­මත් හොඳ සෞඛ්‍ය තත්ත්ව­ය­කින් හිටියා. සාමාන්‍ය දරු උප­තක් සිදු­වුණේ. එයාට මාස 06න් දෙන එන්නත විදී­මට තිබුණේ අප්‍රේල් 20 වැනිදා. එදා ළම­යාට පොඩි කැස්සක් සහ උණ ගති­යක් තිබුණා. පවුල් සෞඛ්‍ය සේවි­කා­වට දුර­ක­ත­න­යෙන් කතා කර බිරිය ඒ බව කීවාම උප­දෙස් ලැබුණා සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරි කාර්යා­ල­යට දරුවා එක්ක­ගෙන එන්න කියලා. එතැන දී වෛද්‍ය­ව­රයා බලලා කීවා පපුවේ සෙම නැහැ. ප්‍රශ්න­යක් නැති නිසා බෙහෙත් විදින්න පුළු­වන් කියලා. එතැ­නින් බෙහෙත විදලා කිව්වා වැලි­ගෙ­පොළ රෝහ­ලට ගිහින් බෙහෙත් අරන් යන්න කියලා. වැලි­ගෙ­පොළ රෝහ­ලට ගියාම බෙහෙත් දුන්නා. එතැන ඉන්න වෛද්‍ය­ව­රයා ඇහුවා උණ තියෙද්දි ද බෙහෙත් විද්දේ කියලා. පස්සේ අපි ළමයා එක්ක ගෙදර ගියා. එදින සවස් වන විට පුතා ගොඩක් අමා­රු­වෙන් හිටියේ. 22 වැනිදා මම දන්න වෛද්‍ය­ව­ර­ය­කුට දරුවා පෙන්නු­වාම කිව්වා දරුවා හුස්ම ගන්නේ අමා­රු­වෙන්. බෙහෙත් දෙන්න බෑ.

වැලි­ගෙ­පොළ රෝහ­ලට ඇතු­ළත් කරන්න කියලා. එදාම රෝහලේ නතර කළා. වැලි­ගෙ­පොළ රෝහ­ලෙන් එදාම බළ­න්ගොඩ රෝහ­ලට යැව්වා. බළ­න්ගොඩ රෝහලේ 24 වැනිදා වෙන­කම්ම තියා­ගෙන හිටියා. ඒ වෙන­කොට දරු­වාට ගොඩක් අමා­රුයි. ඇතු­ළත් කරන කොට ඒ තරම් අමා­රු­වක් තිබුණේ නැහැ. බිරිය ළම­යාගේ රෝගී තත්ත්වය වෛද්‍ය­ව­රු­න්ගෙන් ඇහු­වාම වෛද්‍ය­වරු බිරි­යට බැණලා කියලා තිබුණා අම්මාට ඒවා වැඩක් නෑ කියලා. 24වැනිදා දවල් රත්න­පුර රෝහ­ලට යව­නවා කියලා. එසේ කිව්වත් හවස 4.00 වන­තුරු ගිල­න්රථ නෑ කිය­මින් තියා­ගෙන හිටියා. රත්න­පු­ර­යට යැව්වාම පහ­සු­කම් මදි කියලා එදා රෑ කරා­පි­ටි­යට මාරු කර යැව්වා. කරා­පි­ටි­යට ගෙනාපු ගමන් ළමා දැඩි සත්කාර ඒක­ක­යට ඇතු­ළත් කළා. කරා­පි­ටිය රෝහලේ වෛද්‍ය­වරු ඉතා­මත් හොඳට ප්‍රති­කාර කළා. ඒ වෛද්‍ය­ව­රුන් දරු­වාගේ තත්ත්වය අපට හොඳින් පැහැ­දිලි කරලා කීවා. පරී­ක්ෂණ කිහි­ප­යක්ම කිව්වා. 12 වැනිදා උදේ 4.30ට විතර දරුවා මිය­ගියා.”

මේ මර­ණය සම්බ­න්ධ­යෙන් පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය කළ රුහුණ විශ්ව­වි­ද්‍යා­ලයේ අධි­ක­රණ වෛද්‍ය අංශයේ මහා­චාර්ය විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය යූ.සී.පී. පෙරේරා මහතා විසින් මිය­ගිය දරු­වාගේ පටක සාම්පල් වැඩි­දුර පරී­ක්ෂණ සඳහා ලබා­ගෙන තිබිණි.

එම පරී­ක්ෂණ කට­යුතු අව­සන් කිරී­මෙන් පසු මර­ණය සම්බන්ධ ස්ථිර නිග­ම­න­යක් ලබා දිය හැකි බව මහා­චා­ර්ය­ව­රයා ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය, මහා­චාර්ය යූ.සී.පී.පෙරේරා මහ­තාගේ වාර්තාව සහ ඉදි­රි­පත් වූ සාක්ෂි සැල­කි­ල්ලට ගත් හදිසි මරණ පරී­ක්ෂක චන්ද්‍ර­සේන ලොකුගේ මහතා මර­ණය සම්බ­න්ධ­යෙන් විවෘත තීන්දු­වක් දෙමින් දේහය මවු­පි­යන්ට භාර දුන්නේය.


කරා­පි­ටිය - එස්. ලොකු­ක­ර­විට