
ව්‍යවසායකයන් 10,000ක් ගම් බිත්තර නිෂ්පාදනයට යොමු කර, එමඟින් අඩු ආදායම්ලාභි පවුල් ලක්ෂ 12ක් සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියක් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේනතුව එක්ව ක්‍රියාත්මක කර ඇත.
මෙහි සමාරම්භක අවස්ථාව ‘සුබ සාධනයෙන් ව්‍යවසායකත්වයට’ තේමාව යටතේ සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමැති අනුප පස්කුවල් හා පශු සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සමෘද්ධි සංවර් ධන දෙපාර්තමේන්තුවේදී පසුගියදා (8) ආරම්භ කෙරිණි.
අඩු ආදායම්ලාභි පවුල් ලක්ෂ 12ක් සවිබල ගැන්වෙන මේ වැඩපිළිවෙළෙහි මූලික අදියර ලෙස කළුතර කුරුණෑගල දිස්ත්‍රික්ක මුල් කරගෙන නියමු ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ. මේ පිළිබඳ අවබෝධතා ගිවිසුමට කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය වෙනුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවද කෘෂිකර් ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවද නියෝජනය කරමින් නිලධාරීහු අත්සන් කළහ. මේ අනුව කළුතර හා කුරුණෑගල යන දිස්ත්‍රික්වල එක් දිස්ත්‍රික්කයකට නිෂ්පාදන ගම්මාන 50 බැගින් ගම් බිත්තර නිෂ්පාදන ගම්මාන 100ක් ආරම්භ කෙරේ. එක් ගම්මානයක ව්‍යවසායක පවුල් සංඛ්‍යාව 100ක් වන අතර, එක් පවුලකට පිරිනැමීමට අපේක්ෂිත කුකුළු පැටව් ගණනද 100කි. එමඟින් රටේ ගම් බිත්තර නිෂ්පාදන ව්‍යවසායකයන් 10,000ක් නිර්මාණය කරන අතර ජාතික පෝෂණ අවශ්‍යතාව සඳහා ගම් බිත්තර ලබාගැනීමට අවශ්‍ය පරිසරයද සකස් කෙරේ.
අඩු ආදායම්ලාභී පවුල්වල ආදායම ඉහළ නැංවීමද මෙමඟින් අපේක්ෂාවයි, අතිරේක ඵලයක් ලෙස වෙළෙඳපොළට ගම් කුකුළු මස් සැපයීමද මෙමඟින් සිදු කෙරේ.
ව්‍යවසායකයන්ට අවශ්‍ය අරමුදල් උදෙසා සහන පොලී ණය දීම සමෘද්ධි බැංකු හරහා සිදු කෙරේ. අවශ්‍ය තාක්ෂණික සහය හා ගොවිපොළ පාලනය පිළිබඳ සහාය සහ මූලික අදියරේ ගම් බිත්තර හෝ ගම් කුකුළු පැටවුන් දීම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ඇත.
ව්‍යාපෘතිය 2024 මැයි සිට 2027 අප්‍රේල් තෙක් වසර තුනක් සඳහා බල පැවැත්වේ. පසුගිය කොරෝනා සමයේ සත්ත්ව පාලන ක්ෂේත්‍රයේ ඇති වූ පසුබෑම මත වෙළෙඳපළට අවශ්‍ය බිත්තර ප්‍රමාණය නොලැබීම නිසා බිත්තර ආනයනය කිරීමට සිදු වූ අතර, එම තත්ත්වය මේ වන විට ක්‍රමිකව පාලනය කරගෙන ඇති බවත්, එදා පැවැති ගමේ පෝෂණ රටාව යළි අත්පත් කරදීමටත්, ගම තුළ ව්‍යවසායකයන් නිර් මාණය කිරීමටත් මේ ව්‍යාපෘතිය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා මෙහිදී පැවසීය.
මෙහි දී අදහස් දැක්වූ සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමැති අනුප පස්කුවල් මහතා කියා සිටියේ සුබ සාධක රාජ්‍යයෙන් ව්‍යවසායක රාජ්‍යයක් නිර්මාණය කිරීමේ අරමුණ මේ හරහා ජය ගැනීමට හැකි බවයි. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ශක්තිය සමෘද්ධි සංවර් ධන බැංකුව හරහා ලබාදීමට හැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
බුද්ධිකා ඉඹුලාන
Comments
Post a Comment
Your comment will be visible after approval