hot-weather-advice

 පවතින අධික අව් රශ්මිය ඇස්වලට හානිකර බැවින් ගමනක් බිමනක් යනවිට කළු පැහැති අව් කණ්ණාඩියක් පැළඳ ගමන් කිරීම ඉතාම සුදුසු බව පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පැවසුවාය.

එසේම මේ දිනවල පවතින අධික අව් රශ්මිය ශරීර සමට ද අහිතකර බැවින් අව් රශ්මිය සම තුළට ඒම වළක්වන ක‍්‍රීම් වර්ග ආලේපනය කිරීම සුදුසු බවත් එය වෛද්‍ය  උපදෙස් අනුව සිදුකරන ලෙසත් ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.එසේම මෙම පවතින අධික රස්නය හේතුවෙන් ජලය ලීටර් 2 1/2ක් පානය කිරීම ඉතා සුදුසු බවත් මීට අමතරව කොමඩු, තැඹිලි, පිපිඤ්ඤා, කැකිරි වැනි දේවලින් බීම සාදා පානය කිරීම ඉතාම සුදුසු බවත් ඇය කියා සිටියාය.



තවදුරටත් කතා කළ ඇය මෙසේද කීවාය.‘‘ඔය සමහර අය සිහි නැතිව ඇද වැටෙන්නෙ ජලය හරි හැටි පානය නොකිරීම නිසයි. කොමඩු, පිපිඤ්ඤා, කැකිරි, තැඹිලි පානය කළාම ඇඟ සිසිල් කරනවා.ඒ වගේම අව් රශ්මිය තියෙද්දි ගමනක් යනකොට තොප්පියක් පැළඳගෙන යන්න. ඇඟට හිරවෙන ඇදුම් අදින්න එපා. කපු ඇදුම් වගේ සැහැල්ලු ඒවා අදින්න.’’