vaunia-incident

වවු­නි­යාවේ තේක්ක­වත්ත ප්‍රදේ­ශයේ නිවෙ­සක් තුළදී පහ­ළොස් හැවි­රිදි පාසල් දැරි­යක් සමූහ දූෂ­ණ­ය­කට ලක්කි­රීමේ චෝද­නාව මත වවු­නි­යාව පොලි­සිය විසින් කාන්තා­වක් ඇතුළු සැක­ක­රු­වන් හත­ර­දෙ­නෙකු පෙරේදා (12) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.





වවු­නි­යාවේ ඕමන්ත ප්‍රදේ­ශයේ පදිංචි මෙම දැරිය ඇගේ ඥාති සහෝ­ද­ර­යෙකු විසින් තේක්ක­වත්ත ප්‍රදේ­ශයේ තවත් ඥාතී නිවෙ­සක් වෙත කැටු­ව­විත් තිබේ.

එහිදී දැරි­යට මත්ද්‍රව්‍ය ලබාදී තරු­ණයා සිය මිතු­රන් පිරි­සක් සමඟ එකතු වී එම දැරි­යට ලිංගික අත­වර සිදු කොට ඇත.

පසු­දින දැරිය ඕමන්තේ සිය නිවෙ­සට ගොස් ඇතත් සිදුවූ කිසි­වක් අය ඇගේ මවු­පි­යන්ට ප්‍රකාශ කොට නොමැත්තේ තරු­ණ­යාගේ මර­ණීය තර්ජන නිසා­වෙනි.



දැරිය එහා මෙහා යන විට ඇය අසා­මාන්‍ය ලෙස වේද­නා­ව­කින් පෙළෙන බව දුටු ඇගේ මව දැරි­යව වවු­නි­යව මහ රෝහල වෙත රැගෙන ගිය අව­ස්ථා­වේදී වෛද්‍ය­ව­රයා විසින් එම දැරි­යව සමූහ දූෂ­ණ­ය­කට ලක්ව ඇති බව හඳු­නා­ගෙන සිද්ධිය පොලි­සි­යට පැමි­ණිලි කොට තිබේ. පොලි­සිය දැරි­ය­ගෙන් ලබා­ගත් ප්‍රකාශ මත තරු­ණ­යාව ද දැරි­යව දූෂ­ණ­යට ලක් වූ නිවසේ කාන්තාව ද තවත් තරු­ණ­යින් දෙදෙ­නෙ­කුව ද අත්අ­ඩං­ගු­වට ගෙන ඔවු­න්ගෙන් ප්‍රශ්න කර­ගෙන යයි.

දැරි­යව පූර්ණ වෛද්‍ය පරී­ක්ෂ­ණ­යක් සඳහා වවු­නි­යාව මහ රෝහ­ලට ඇතු­ළත් කොට තිබේ.
(රසුල දිල්හාර ගමගේ)