jayawardanepura-university-road-incident

ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ සිසු­වි­යන් සර­ස­වි­යට ගමන් ගන්නා අතුරු මාර්ග­යක නිරු­ව­තින් සැඟව සිට ලිංගික අව­යව ප්‍රද­ර්ශ­නය කර­මින් විවිධ ක්‍රියා­වල යෙදුණු පරි­ග­ණක තාක්ෂණ ශිල්පි­යකු අත්අ­ඩං­ගු­වට ගත් බව බොර­ලැ­ස්ග­මුව පොලි­සිය පව­සයි.

මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ බද්දේ­ගම, ගනේ­ගම ප්‍රදේ­ශයේ ස්ථිර පදිං­චි­ක­රු­වකු වන (38) හැවි­රිදි එක්දරු පියකු බව පොලි­සිය කියයි.



මෙම පුද්ග­ලයා බිරිය, දරුවා සහ බිරි­යගේ මව සමඟ මහ­ර­ගම නාවින්න පාර ප්‍රදේ­ශයේ කුලී පද­නම මත ලබා­ගත් නිව­සක හිඳි­මින් බම්බ­ල­පි­ටිය ප්‍රදේ­ශයේ ප්‍රසිද්ධ පෞද්ග­ලික ආය­ත­න­යක පරි­ග­ණක තාක්ෂණ ශිල්පි­යකු ලෙස සේවය කර තිබේ.

සේව­යට යන සෑම දින­කම උදෑ­සන සිය වෑන් රථ­යෙන් ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ල­යට යාබද කැම්පස් පාර ප්‍රදේ­ශ­යට පැමිණ එහි අතුරු මාර්ග­යක කැලෑ­බද පෙදෙ­සක රැඳී සිටි­මින් සිය ඇඳුම් පැල­ඳුම් ගලවා නිරු­ව­තින් ලිංගික අව­යව ප්‍රද­ර්ශ­නය කර­මින් මාර්ගයේ ගමන් ගන්නා සිසු­වි­යන්ට පෙනෙන සේ ශරීර අව­යව ප්‍රද­ර්ශ­නය කර­මින් විවිධ ලිංගික ක්‍රියා­වල යෙදී තිබේ.

මාස හත­රක පමණ සිට සැක­කරු මෙම ක්‍රියාවේ යෙදී ඇති අතර ඊට මුහුණ දුන් ඇතැම් සිසු­වි­යන් අවස්ථා කිහි­ප­ය­කදී අන­තු­රු­ව­ලට ලක් වූ අව­ස්ථාද ඇති බව පැවැසේ.



මේ සම්බ­න්ධ­යෙන් සිසු­වි­යන් තිදෙ­නකු සිදු­කළ පැමි­ණි­ලි­ව­ලට අනුව ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක සුමේධ විමල ගුණ­රත්න මහතා විසින් නිල­ධාරි කණ්ඩා­ය­මක් ප්‍රදේ­ශය අවට ආවේ­ෂණ රාජ­කා­රියේ යොදවා සිටි­යදී සැක­කරු පැමිණ මෝටර් රථය ප්‍රධාන මාර්ග­යක් අසල නවතා අතුරු මාර්ග­යට ගොස් පාළු ස්ථාන­ය­කදී සුපු­රුදු ක්‍රියාවේ යෙදී­මට සූදා­නම් වෙද්දී අවට රැක­වලා සිටි පොලිස් නිල­ධා­රීන් සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. එම අව­ස්ථා­වේදී සැක­කරු සිසු­වි­යන්ගේ චෝදනා ප්‍රති­ක්ෂේප කළද ඇතැම් සිසු­වි­යන් විසින් සැක­ක­රුගේ ක්‍රියා­කා­ර­කම් වීඩි­යෝ­ගත කර තිබූ අතර එම වීඩියෝ දර්ශන ඉදි­රි­පත් කිරී­මත් සමඟ සැක­කරු කළ වැරැද්ද පොලි­සිය හමුවේ පිළි­ගෙන තිබේ.

ඒ අනුව සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන ප්‍රශ්න කිරී­මේදී පවසා ඇත්තේ එම මාර්ගය හරහා රූමත් සිසු­වි­යක් සර­ස­වි­යට ගමන් ගන්නා බැවින් ඇය පිළි­බ­ඳව ඇති වූ ආදර හැඟී­මක් නිසා තමා මෙම ක්‍රියා­වට ඇල්මක් දැක්වූ බවත් එය මාස හත­රක පමණ සිට සිදු­කර ඇති බවත්ය. අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු බම්බ­ල­පි­ටිය ප්‍රදේ­ශයේ සුප්‍ර­සිද්ධ පෞද්ග­ලික සමා­ග­මක පරි­ග­ණක තාක්ෂණ ශිල්පි­යකු ලෙස සේවය කරන බවත් මොහු එක්දරු පියකු බවත් පැවැසේ. ඒ අනුව අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු නුගේ­ගොඩ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබුණි.



සිද්ධිය සම්බ­න්ධ­යෙන් බොර­ලැ­ස්ග­මුව පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක සුමේධ විමල ගුණ­රත්න මහ­තාගේ උප­දෙස් මත උප පොලිස් පරී­ක්ෂක ජය­සූ­රිය, කාන්තා උප පොලිස් පරී­ක්ෂිකා දම­යන්ති ඇතුළු නිල­ධා­රීහු වැට­ලීම සිදු­කොට ඉදිරි පරී­ක්ෂණ පව­ත්වති.
(කොට්ටාව- ප්‍රදීප් කුමාර)