
පාකිස්තානයේ විශිෂ්ට ක්‍රිකට් වේගපන්දු යවන ක්‍රීඩක වසිම් අක්‍රම් මහතා අද (01දා) උදෑසන දෙදින පුහුණු වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය.
ඔහු දිවයිනේ රැඳී සිටින කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්, ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවන් (HPC), ප්‍රධාන ක්‍රීඩා සමාජ පුහුණුකරුවන් සඳහා සැසි පහක පුහුණු වැඩසටහනක් පවත්වනු ලබයි.
මෙහිදී විශේෂයෙන්ම එළඹෙන විස්සයි20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ සූදානම පිළිබඳ විශේෂ නිරීක්ෂණයකට ලක්කරනු ලබයි.
පුහුණු වැඩසටහන හෙට සහ අනිද්දා දෙදින තුළ පැවැත්වේ.
මේ අතර, එළඹෙන ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා ජාතික කණ්ඩායම සූදානම් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් 3 කින් සමන්විත T20 පුහුණු තරඟාවලියක් හෙට (මැයි 2) ආරම්භ කිරීමට නියමිතයි.
සූදානම් වීමේ තරඟාවලිය සඳහා කහ, කොළ සහ රතු කණ්ඩායම් තුනක් සහභාගී වේ. සෑම කණ්ඩායමක්ම සංචිතයේ සාමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත වන අතර, වනිඳු හසරංග 'කහ කණ්ඩායම' නායකත්වය දරන අතර, චරිත් අසලංක 'රතු කණ්ඩායම' නායකයා ලෙසද, ජනිත් ලියනගේ 'කොළ කන්ඩායම' නායකයා ලෙසද කටයුතු කරයි.