
හඳුනා ගැනීමට නොහැකි ලෙස දැඩිසේ නරක්වූ කාන්තා මළසිරුරක් අරණායක මවුන්ට්කාමල් ඉහළ කොටස ලඳු කැලෑවක තිබි පෙරේදා (09 දා) දහවල් හමුවී ඇතැයි අරණායක පොලිසිය පැවසීය.
මෙම සිරුර මීට දින කිහිපයකට ඉහතදී නිවසින් අතුරුදහන්ව සිටි බව කියන පතනේ ගෙදර, පටිතලාව, දොලොස්භාගේ, බෙරවිල ලිපිනයෙහි හැටපස් හැවිරිදි දෙදරු මවක වන ඇතුගල් පේඩිගේ ඥානවතී යන අයගේ බවට ඇගේ වැඩිමහල් පිරිමි දරුවන් දෙදෙනා විසින් හඳුනාගත් බවද පොලිසිය පැවසීය.
මියගිය දෙදරු මවගේ වැඩිමහල් පුතා වන ධර්මසිරි වික‍්‍රමසිංහ (40) යන අය මෙසේ කියා සිටියේය.
“අපේ අම්මා පසුගිය පස්වෙනිදා ගම්පොල නගරයට යන බව පවසා නිවසින් බැහැරව ගොස් සිට නිවසින් අතුරුදහන්වීම සම්බන්ධයෙන් හයවෙනිදා නව කුරුඳුවත්ත පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. ඊට පස්සේ එදා ඉඳලා අපි අම්මා හෙව්වා. අදත් අපි 11 දෙනෙක් ඇවිත් මේ මවුන්ට් කමල් ඉහළ කොටසේ හොයනකොට අපට අම්මාගේ මළසිරුර හමු වුණා. සිවිල්පිට හිටපු පොලිසියේ මහත්වරු තුන්දෙනෙක්, එතැන ටිකක් වෙලා අපි එක්ක කථාකර කර ඉන්නකොට කුණු ගඳක් දැනුණා. ඊට පස්සේ එතැන හිටිය කට්ටියම කිව්ව සතෙක් කුණුවෙච්ච ගඳක් නොවෙයි කියල.
ඒ ගඳ ආව දිහා අපි සෝදිසි කරල බලනකොට මායි, මල්ලියි අඳුරාගත්ත අපේ අම්මා කියලා. ඒ ළඟම අම්මගේ අත් බෑග් එක තිබුණා. “
කෑගල්ල කොට්ඨාස අපරාධය ස්ථාන පරීක්ෂක නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් අධිකරණය හමුවට කරුණු වාර්තා කිරීමෙන් පසු මාවනැල්ල වැඩබලන මහෙස්ත‍්‍රාත් ප‍්‍රියන්ත විජේකෝන් මහතා විසින් ස්ථානීය පරීක්ෂණයට සිදුකිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළසිරුර කෑගල්ල ශික්ෂණ රෝහල වෙත රැගෙන යෑමට නියෝග කළේය.
කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයි. එල්. ලීලවංශ මහතාගේ නියෝග මත කෑගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප‍්‍රදීප් විරසේකර මහතාගේ අධීක්ෂණය යටතේ අරණායක පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රාහුල බණ්ඩාර කන්දේවත්ත මහතාගේ මෙහෙයවීම යටතේ අපරාධ විමර්ශන ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදුකරති.
Comments
Post a Comment
Your comment will be visible after approval