galle-incident

කොග්ගල රාජ්‍ය බැංකු­වක ගිණුම් පව­ත්වා­ගෙන යන ගිණුම් හිමි­යන්ගේ තොර­තුරු ඇතු­ළත් පරි­ග­ණක දත්ත පද්ධ­ති­යට අන­ව­ස­ර­යෙන් ඇතු­ළුවී ඇඟ­ලුම් කම්හල් සේවි­කා­ව­කගේ ගිණු­මෙන් රුපි­යල් දාහත් ලක්ෂ­ය­කට අධික මුද­ලක් වංච­නික ලෙස ලබා ගැනීම සම්බ­න්ධ­යෙන් ගිණුම් හිමි­කා­රි­යගේ සහෝ­ද­රි­යක අත්අ­ඩං­ගු­වට ගත් බව ගාල්ල පොලි­සිය පව­සයි.



මාප­ල­ගම පදිංචි අවි­වා­හක තරු­ණි­යක් කොග්ගල නිද­හස් වෙ‍ෙළඳ කලා­පයේ ඇඟ­ලුම් කම්හ­ලක සේවය කර­මින් සිටි­යදී වැටු­පෙන් එකතු කර­ගත් රුපි­යල් ලක්ෂ 13 කින් කොග්ගල රාජ්‍ය බැංකු ශාඛා­වක ගිණු­මක් ආරම්භ කර පව­ත්වා­ගෙන යමින් සිටි­යදී ඇඟ­ලුම් කම්හල වසා දැමීම නිසා ඇයට රුපි­යල් ලක්ෂ 16ක වන්දි­යක් ද ලැබී ඇත.

එම මුදල ද සමඟ ගිණුමේ තිබූ රුපි­යල් ලක්ෂ තිහ­කට ආසන්න මුද­ලින් ඇය 2022 වසරේ ජූලි මාස‍යේ ලක්ෂ 15ක ස්ථාවර ගිණු­මක් ආරම්භ කර ඇත. පසු­ගිය වසරේ ජූලි මස ස්ථාවර ගිණු­මට කල් පිරී­මෙන් පසු ඇය ලක්ෂ දහ­යක් ලබා­ගෙන ඉතිරි ලක්ෂ 20කට ආසන්න මුදල ගිණුමේ තිබි­යදී එම මුද­ලින් යළිත් ලක්ෂ 15ක ස්ථාවර ගිණු­මක් ආරම්භ කිරී­මට බැංකු­වට ගොස් ඉල්ලු­ම්පත්‍ර පුරවා දුන් පසු බැංකුව පවසා ඇත්තේ ගිණුමේ ඇත්තේ රුපි­යල් විසි එක් දහ­සක් පම­ණක් බවය.



එවිට ඇය කළ­ම­නා­කරු හමුවී මේ ගැන පැවැ­සූ­විට කළ­ම­නා­කරු පරික්ෂා කර බලා පවසා ඇත්තේ ගිණුමේ තිබූ රුපි­යල් ලක්ෂ 17කට අධික මුදල හැක් කර ඇති බවය. පසුව ඇය මේ පිළි­බඳ ගාල්ල පොලි­සියේ විශේෂ අප­රාධ විම­ර්ශන අංශ­යට පැමි­ණිලි කර ඇත.

ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි සතිස් ගමගේ, මූල­ස්ථාන පොලිස් පරී­ක්ෂක එස්.එස්. ජය­වීර යන මහ­ත්ව­රුන්ගේ උප­දෙස් පරිදි විශේෂ අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක පුලස්ති සොයිසා, උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රුන් වන උදය කාන්ත, ප්‍රේම­කු­මාර, කාන්තා සැර­යන් ජය­ව­ර්ධන (6058) යන මහත්ම මහ­ත්මීන් විසින් සිද්ධිය සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ පවත්වා සැක­කා­රිය අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

එස්. දීය­ග­හගේ