drunk-driver-fined-rejects-baloon

බීමත්ව රිය පැදෙ­ව්වාට චෝදනා ගොනු කළ අවස්ථාවේ බැලුම් පුම්බන්නට බැහැ කියමින් ශ්වසන පරී­ක්‍ෂාව ප්‍රතික්ෂේප කළ රියැ­දු­රෙ­කු­ගෙන් රුපි­යල් ලක්‍ෂ­යක දඩ­යක් අය කිරී­මට කුලි­යා­පි­ටිය මහේ­ස්ත්‍රාත් රන්දික ලක්මාල් ජය­ලත් මහතා පෙරේදා (13) නියම කළේය.



කුලි­යා­පි­ටිය හෙට්ටි­පොළ පාරේ ආප­න­ශා­ලා­වක හිමි­ක­රු­වෙකු වූ ඩී.එම්. සාරංග දිසා­නා­යක නමැ­ත්තෙ­කුට එලෙ­සින් දඩ නිය­මා­විය.

බීමත්ව රිය ධාව­නය කිරීමේ චෝද­නා­වට අම­ත­රව රිය බල­පත්‍රයක්, ආදා­යම් බල­ප­ත්‍ර­යක්, රක්‍ෂණ සහ­ති­ක­යක් නොමැ­තිව ධාව­නය, ප්‍රධාන ලාම්පු දල්වා නොමැ­තිව ධාව­නය, අප­රි­ක්‍ෂා­කාරී රිය ධාව­නය හා පොලිස් අණ නොතකා ධාව­නය යන චෝද­නාද සැක­කාර රියැ­දු­රාට එරෙ­හිව පොලි­සිය විසින් චෝදනා නඟා තිබිණ.

පොලි­සිය බී වාර්තා­ව­කින් කරුණු ඉදි­රි­පත් කර­මින් පවසා සිටියේ බැලූ බැල්මට අධික බීම­තින් සිටි සැක­කරු ශ්වසන පරී­ක්‍ෂාව ප්‍රති­ක්ෂේප කළ බවයි. පසුව වෛද්‍ය­ව­ර­යෙ­කුට ඉදි­රි­පත් කර­න්නැයි දැඩිව යෝජනා කළ සැක­කරු එසේ ඉදි­රි­පත් කළ පසු අදාළ වෛද්‍ය­ව­රයා පැව­සූයේ කිසිදු දුග­ඳක් වහ­නය නොවන බව යැයිද පොලි­සිය අධි­ක­ර­ණ­යට පවසා සිටි­යේය.



රෝහල ඉදි­රියේ ඇති ආප­න­ශා­ලාවේ හිමි­කරු වන සැකකරු සම්බ­න්ධව වෛද්‍ය­ව­රයා දුන් නිර්දේ­ශය කිසි­සේත් පිළි­ගත නොහැකි බව කී පොලි­සිය එහෙත් ශ්වසන පරී­ක්‍ෂාව ප්‍රති­ක්ෂේප කිරී­මම බීමත්ව රිය ධාව­නය කළ බවට උප­ක­ල්ප­නය කළ හැකි බවට මෝටර් රථ­වා­හන පනතේ 151 වග­න්තියේ 1 ආ උප වග­න්තියේ සඳ­හන් වන බැවින් සැක­කරු බීමත්ව රිය ධාව­නය කළ බවට චෝද­නා­වද ඉදි­රි­පත් කළ බවද කී පොලි­සිය අධි­ක­ර­ණ­යට කරුණු දැක්වීය.

ඒ අනුව චෝදනා සිය­ල්ලට සැක­කරු වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­ව­රයා වරද පිළි­ගැ­නී­මෙන් අන­තු­රුව එසේ දඩ නියම විය.

කුලි­යා­පි­ටිය - මෙවිරු ධනාන්