wellampitiya-incident

 වැල්ල­ම්පි­ටිය හල්මුල්ල ප්‍රදේ­ශයේ නිවෙ­සක සිටි අවු­රුදු 15ක දැරි­යක් නිවෙ­සට අවශ්‍ය බඩු ගෙන ඒම සඳහා රාත්‍රි 8 ට පමණ අසල පිහිටි කඩ­යක් වෙත යමින් සිටි­යදී ඇයගේ පෙම්වතා යැයි කියන තරු­ණ­යකු තවත් යහ­ළු­වකු සමඟ ත්‍රීවිල් රථ­ය­කින් පැමිණ ඇයව පැහැර ගෙන ගොස් තිබේ.

මෙලෙස දැරිය පැහැ­ර­ගෙන යන අව­ස්ථා­වේදී කෑ ගැසීම වැළැ­ක්වීම සඳහා ඇයගේ කට ලේන්සු­ව­කින් බැඳ තිබේ. වැල්ල­ම්පි­ටිය ජය මාවතේ නිවෙ­සක් වෙත ඇයව රැගෙන ගොස් රාත්‍රි­යේදී දූෂ­ණ­යට ලක් කර තිබේ.

පසුදා උදයේ දැරිය ඇය රඳවා සිටි කාම­ර­යෙන් පැන මහ මඟ දිගේ දුව­මින් තම නිවෙස වෙත පැමිණ ඇත. ඒ අව­ස්ථාවේ ද ඇයගෙ කට සහ අත­පය ද ගැට ගසා තිබී ඇති අතර,

ඒවා ගලවා දම­මින් ඇය මහ මඟ දිගේ දුව ගොස් ඇති බව පොලි­සිය පැවැ­සීය.

නිවෙස වෙත පැමිණි දැරිය ඇයගේ අක්කාට සිද්ධිය පවසා අක්කා ද සමඟ වැල්ල­ම්පි­ටිය පොලි­සිය වෙත පැමිණ සිද්ධිය සම්බ­න්ධ­යෙන් පැමි­ණිලි කර තිබේ. පොලි­සිය වැඩි­දු­ර­ටත් දැරි­ය­ගෙන් කරන ලද ප්‍රශ්න කිරී­ම්ව­ලදී හෙළි වී ඇත්තේ ඇයගේ මව රැකි­යා­වක් සඳහා විදේ­ශ­ග­තව ඇති අතර පියා මව සහ දරු­වන් අත­හැර දමා ගොස් තිබෙන බවය.

දැරිය ළමා නිවා­ස­යක නතර කොට සිට ඇති අතර එම නිවා­ස­යෙන් පැන යළි නිවෙ­සට පැමිණ සිට අත­ර­තුරේ මෙම සිද්ධි­යට මුහුණ පා තිබේ.

ඇය මෙම තරු­ණයා සමඟ ප්‍රේම සම්බ­න්ධ­තා­ව­යක් පව­ත්වා­ගෙන ගොස් ඇති අතර තරු­ණයා මීට ටික කල­කට පෙර මත්ද්‍රව්‍ය වැරදි සම්බ­න්ධ­යෙන් වැල්ල­ම්පි­ටිය පොලි­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන නඩු පැව­රී­මෙන් පසු බන්ධ­නා­ගා­ර­ග­තව නිද­හස්ව පැමිණ තිබේ. එම හේතුව නිසා ඇය ඔහු සමඟ තිබූ සබ­ඳ­තා­වය නතර කර තිබුණි.

ඊට පළි­ගැ­නී­මක් ලෙස පෙම්වතා මෙම අප­රා­ධය සිදු කර­න්නට ඇති බව පොලි­සිය පව­සයි.

වැල්ල­ම්පි­ටිය පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඉන්දික නිලන්ත මහ­තාගේ උප­දෙස් අනුව අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ඉසුරු ශාමික මහතා ඇතුළු නිල­ධා­රීන් සැක­කරු අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා අදාළ නිවෙස වෙත යද්දී සැක­කාර පෙම්වතා සහ මිතුරා පැන ගොස් ඇති අතර එම නිවෙස ලබා­දුන් පුද්ග­ලයා අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. එම පුද්ග­ලයා ඊයේ (14) අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරනු ලැබීය.
(මුල්ලේ­රි­යාව - සිරි­සේන ගමගේ)