Rat remains found in bread sparks Japan recall and refunds
ජපානයේ ජනප්‍රිය බේකරි නිෂ්පාදන සන්නාමයක් වන පැස්කෝ (Pasco) අලෙවි කළ පෙති කපන ලද සුදු පාන් පැකට්ටු දෙකක මී මළකුණක කොටස් තිබී හමුවීමේ සිද්ධියකින් පසු එම ජපාන ටෝකියෝ බේකරි ජාලාවම වසා දමා තිබෙන අතර පෙති කපන ලද සුදු පාන් පැකට් 104,000 ක් නැවත කැඳවා මුදල් නැවත ගෙවනීමටද එකඟවී ඇත.

ජපානයේ ආහාරවල පිරිසිඳුකම හා සුරක්ෂිතතාව ඉහළ මට්ටමේ පාරිභෝගික නීතිරීති අනුව ආරක්ෂා කර ඇති අතර ඇතැම්විට සුළු දෙයකින් පවා බලපත්‍ර අහිමිවීමේ අවදානමක් පවතී.





මීයෙකුගේ මළකුණක කොටස් පැකට් දෙකක තිබී සිදුකළ පැමිණිලි පැස්කෝ සමාගම පිළිගත් අතර පසුව සමාගම මුදල් ආපසු ලබා දෙන බවත් එහි ටෝකියෝ කර්මාන්ත ශාලාවේ සියලු නිෂ්පාදන අත්හිටුවා ඇති බවත් දන්වා ඇත. පැස්කෝ නිෂ්පාදන ජපානයේ ගෘහාශ්‍රිත ප්‍රධාන ආහාරයක් වන අතර ඒවා රට පුරා ඇති සුපිරි වෙළඳසැල් වල අලෙවි කරන අතරම අනෙකුත් රටවලටද අපනයනය කෙරේ.

සිද්ධියට අදාළව රෝගාබාධ පිළිබඳ වාර්තා වී නොමැති අතර, පැස්කෝ ප්‍රසිද්ධියේ සමාව අයැද සිටිමින් ඉදිරියේදී එවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා ඔවුන්ගේ තත්ත්ව පාලන ක්‍රියාමාර්ග වැඩි දියුණු කරන බව ප්‍රකාශ කළේය.