Mujibur-Rahman-returns-to-replace-ousted-Diana---takes-oath-in-the-morning

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත් කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමන් මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන්නේය.



දිවුරුම් දීමෙන් අනතුරුව ඔහු ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ උණුසුම් සුභ පැතුම් මධ්‍යයේ විපක්ෂයේ පසු පෙළ ආසනයක අසුන් ගන්නා අයුරු දැකගත හැකි විය.

පුරප්පාඩු වූ සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා මුජිබර් රහුමාන් නම් කරමින් මැතිවරණ කොමිසම ඊයේ පස්වරුවේ ඊට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබුණි.

මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ මුජිබර් රහුමාන් පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාවේ සමගි ජනබලවේගයේ නගරාධිපති අපේක්ෂකයා ලෙස තරග කිරීම සදහායි මන්ත්‍රී ධූරයෙන් ඉවත් වූයේ.