beliatta-incident

යුක්තියේ මෙහෙයුමේදී ගංජා සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලවා ගංජා ඔතාගෙන පානය කළ බව කියන බෙලිඅත්ත පොලීසියේ පොලිස් නිලධාරීන් පස්දෙනකුගේ වැඩ තහනමට ලක් කිරීමට තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් පියවර ගෙන ඇතැයි පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.



පොලිස් සැරයන්වරු තිදෙනෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු මෙසේ වැඩ තහනමට ලක්ව සිටිති. සිර මැදිරිය තුළ රඳවා සිටි සැකකරු සන්තකයේ තිබී ගංජා මිලිග්‍රෑම් 280ක් හා ලයිටරයක්ද පොලිස් භාරයට ගෙන ඇත.ග

ංජා ග්‍රෑම් පනහක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු බෙලි ඇත්ත පොලීසියේ අංක 2 සිරමැදියේ රඳවා සිටියදී වැඩ තහනමට ලක්වූ සැරයන් වරුන් තිදෙනා සහ කොස්තාපල්වරුන් දෙදෙනා ගංජා සුරුට්ටු තුන බැගින් ඔතාගෙන පානය කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඒ සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරී තංගල්ල දිස්ත්‍රික් එක විසින් සිදු කරන ලද කරුණු දැන ගැනීමේ පරීක්ෂණයක් මගින් අනාවරණය වී ඇති පරිදි පොලිස් නිලධාර්න් පස්දෙනාගේ විනය විරෝධී ක්‍රියාව හා අපකීර්ති දායක හැසිරීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් 2023 ජූලි මස 30 වෙනි දින නිකුත් කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ වගන්තිවලට අනුකූලව මූලික විනය පියවරක් වශයෙන් පෙරේදා (08දා) සිට ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක් කර ඇති බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා වැඩිදුරටත් පවසා සිටියේය.තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර් කේ ධි කීර්තිරත්න මහතා වැඩ තහනමේ නියෝගය නිකුත් කරනු ලැබ තිබේ.
බිමල් ශ්‍යාමන්