wariyapola-incident
බීම­තින් මෝටර් රථ­යක් පදවා තවත් මෝටර් රථ­යක ගැටී අන­තු­රක් සිදු­කළ වාරි­ය­පොළ පොලිස් ස්ථාන­යට අනු­යු­ක්තව සේවයේ නිරත උප පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යකු කුරු­ණෑ­ගල පොලි­සියේ නිල­ධා­රීන් විසින් පෙරේදා (20) සවස අත්අ­ඩං­ගු­වට ගනු ලැබීය. කුරු­ණෑ­ගල - පුත්ත­ලම මාර්ගයේ යන්ත­ම්ප­ලාව, කොහිලපොකුණ විහා­ර­ස්ථා­න­යට හැරෙන හන්දි­යේදී මෙම අන­තුර සිදුව ඇති බව පොලි­සිය කියයි.මෙම උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා පෞද්ග­ලික මෝටර් රථ­යක් බීම­තින් පද­වා­ගෙන ගොස් අන­තු­රට ලක්කර ඇත්තේ මාර්ගයේ නවතා තිබුණු මෝටර් රථ­යක බව පොලි­සිය කියයි.

බීම­තින් රිය පැද­වීම, අන­තු­රක් සිදු­කි­රීම සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගත් මෙම නිල­ධා­රියා පොලිස් ඇප මත මුදා­හැ­රිය බවත් ඔහුට එරෙ­හිව නඩු පැවැ­රී­මට පිය­වර ගන්නා බවත් පොලි­සිය කියයි.

මෙම නිල­ධා­රියා බීම­තින් රිය පදවා අන­තු­රක් සිදු කිරී­මෙන් විෂ­මා­චාර ක්‍රියා­වක් සිදු­කර ඇති බැවින් ඒ සම්බ­න්ධ­යෙන් ඔහුට එරෙ­හිව විනය පිය­වර ගන්නා බවත් වැඩ තහ­නම් කිරී­මට පිය­වර ගන්නා බවත් උසස් පොලිස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය.

ගයාන් කුමාර වීර­සිංහ