pregnent-girl-kuliyapitiya

උද­රා­බා­ධ­ය­කට ප්‍රති­කාර ගැනී­මට මවු­පි­යන් විසින් කුලියා­පි­ටිය රෝහ­ලට ඇතු­ළත් කළ 13 හැවි­රිදි දැරි­වි­යක් දෙමස් ගැබි­නි­යක් බව සහ ඇය කිසි­ව­කු­ගෙන් අත­ව­ර­ය­කට ලක්ව නොති­බීම හා වෛද්‍ය පරී­ක්ෂ­ණ­ව­ලින් ඇය කන්‍යා­වි­යක් බව අනා­ව­ර­ණය වීම මේ වන විට දැඩි කතා­බ­හ­කට ලක්ව ඇති සිදු­වී­මක් වී ඇතත් වෛද්‍ය විද්‍යා­ත්මක මතය වන්නේ

එවැනි සිදු­වීම් සිදු­විය හැකි දේවල් බවය. ලිංගික සංස­ර්ග­ය­කින් තොරව ගැබ් ගැනීමේ හැකි­යා­වක් ස්ත්‍රියක් සතු වුවද අනි­වා­ර්ය­යෙන්ම ඒ සඳහා පුරු­ෂ­ය­කුගේ සක්‍රීය ශුක්‍රා­ණු­වක් තිබිය යුතු බව ප්‍රසව හා නාරි­වේද වෛද්‍ය­වරු පව­සති.

වසර 2019 දී John Hopkins University සහ සිංග­ප්පූ­රුවේ ජාතික රෝහල එක්ව කන්‍යා ගැබ්ගැනීම් සම්බ­න්ධ­යෙන් අධ්‍ය­ය­න­යක් සිදු කර තිබෙන බව ද ප්‍රසව හා නාරි­වේද වෛද්‍ය­වරු සඳ­හන් කරති.

ගැබිනි මවු­ව­රුන් 7,870ක් එම අධ්‍ය­ය­න­යට යොදා ගෙන ඇති අතර ඉන් කාන්තා­වන් 45ක් යෝනි මාර්ගික ලිංගික හැසි­රී­ම­කින් තොරව ගැබ් ගෙන ඇති බවට වාර්තා වී ඇතැ­යි ද එම වෛද්‍ය­වරු සඳ­හන් කරති.

සක්‍රිය ශුක්‍රා­ණු­වක් යෝනි මාර්ගය සමඟ ස්පර්ශ වුව­හොත් ගැබ් ගැනීමේ හැකි­යා­වක් ඇති බවට මෙම අධ්‍ය­ය­නය අව­සා­නයේ දී තීර­ණය වී තිබේ. ඒ අනුව පුරු­ෂ­ය­කුගේ සක්‍රිය ශුක්‍රා­ණු­වක් සමඟ සම්බන්ධ වීම­කින් තොරව කාන්තා­ව­කට ගැබ් ගැනී­මට නොහැකි බවත් කන්‍යා පට­ල­යට හානි­යක් නොවී ගැබ් ගැනී­මට හැකි­යා­වක් ඇති බවත් වෛද්‍ය­වරු ප්‍රකාශ කරති. මෙම තත්ත්වය මත මේ සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් පව­ත්වන හෙට්ටි­පොළ පොලි­සිය, වෛද්‍ය­ව­රුන්ගේ සහාය ඇතිව උත්ස­හ­යක නිරත වන්නේ ඇය මෙසේ ගැබ් ගැනී­මක් සිදු­වූයේ කුමන ආකා­ර­ය­කි­න්දැයි කියාය. ඒ ඇය ගැබ් ගැනී­මට මුල්වූ පිරිමි ශ්‍රක්‍රා­ණුව කාගේ­දැයි අනා­ව­ර­ණය කර ගැනී­ම­ටය. ඒ සඳහා දැරි­විය සිය කුසේ සිටින බිලිඳා බිහි කිරී­මෙන් අන­තු­රුව ඩී.එන්.ඒ. පරි­ක්ෂා­වක් සිදු කිරී­මට සිදු­වනු ඇති බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැවැ­සීය. දැරි­ය­ගෙන් වෛද්‍ය­වරුන් මේ ගැන ප්‍රශ්න කිරීමේ දී පවා ඇය පවසා ඇත්තේ කිසිදු පිරි­මි­යෙක් ඇය සමඟ කිට්ටු සම්බ­න්ධ­ය­ක්වක් පවත්වා නොමැති බවය. එසේම මවුපියන් පවා පවසා ඇත්තේ දැරි­විය කිසි­වි­ට­කත් අනා­ර­ක්ෂි­තව නොසිට ඇති බවය. ඒ අනුව මෙම ගැට­ලුව විස­ඳී­මට යම් කාල­යක් බලා සිටී­මට සිදු­වනු ඇති බවත් දැරි­විය යහ­පත් සෞඛ්‍ය තත්ත්ව­යෙන් සිටින බැවින් ඉදි­රියේ දී මනෝ වෛද්‍ය­ව­රුන්ගේ සහාය ගැනී­මට බලාපොරො­ත්තු­වන බවත් දැන­ග­න්නට තිබේ.