
ඉන්දීය මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි අවස්ථාවේ දකුණු ඉන්දීය සුපිරි නළු විජෙයි අකරතැබ්බයකට මුහුණ දී තිබේ.චෙන්නායි හි පිහිටි ඔහුට අදාළ ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණි අවස්ථාවේ ඔහුව දැකබලාගැනීමට විශාල පිරිසක් එම ස්ථානයට රැස්ව ඇත.එහිදී උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් අනතුරුව පොලීසිය පැමිණ තත්ත්වය පාලනය කර
පෝලිමේ නොසිට විජෙයි හට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.මෙම සිදුවීමත් සමග චෙන්නායි පොලීසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇත්තේ විජෙයි නීතිවිරෝධී ලෙස ඡන්දය ප්‍රකාශ කර ඇති බවටය.ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනාව වන්නේ විශාල පිරිසක් පිරිවරාගෙන ජනතාවට හිරිහැර වන අයුරින් ඡන්ද මධ්‍යස්ථානය වෙත පිවිසීමයි.විජෙයි එදින අලුයම සිය නවතම චිත්‍රපටයේ රූගත කිරීම් නිමකර රුසියාවේ සිට ඉන්දියාව බලා පැමිණ ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval