uragasmanhandiya-incident

 ඌර­ග­ස්මං­හ­න්දිය, මීග­ස්පි­ටිය පාරේ පිහිටි ස්ටිකර් වෙළෙ­ඳ­ස­ලක් තුළ තිබී ගෙල කපා ඝාත­නය කෙරුණු 43 හැවි­රිදි කාන්තා­ව­කගේ රුධි­ර­යෙන් නැහැ­වුණු මළ සිරු­රක් ඊයේ (11) උදෑ­සන හමු වූ බව ඌර­ග­ස්මං­හ­න්දිය පොලි­සිය කියයි.

මෙසේ ඝාත­නය වී ඇත්තේ එම වෙළෙ­ඳ­සල පිටු­පස කාම­ර­යක පදිං­චිව සිටි ඌර­ගොඩ විතා­නගේ යමුනා නිරෝ­ෂණී විතාන (43) නමැති කාන්තා­වකි.

ඇල්පි­ටිය වැඩ බලන මහේ­ස්ත්‍රා­ත්ව­රයා සිද්ධිය වූ ස්ථාන­යට ඊයේ (11) පෙර­ව­රුවේ පැමිණ ස්ථානීය පරි­ක්ෂා­වක් සිදු­කර මෘත දේහය පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යක් සඳහා ඇල්පි­ටිය මූලික රෝහ­ලට රැගෙන යෑමට නියෝග කර තිබේ.



ඝාත­න­යට ලක්වූ තැනැ­ත්ති­යගේ ස්වාමි­පු­රු­ෂයා වන ඇල්පි­ටි­යගේ ලාල් නිශාන්ත (25) නමැති අය පොලි­සි­යට ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (11) අලු­යම 5.45 ට පමණ බිරිය පරි­ග­ණ­කයේ වැඩ කර­මින් සිටි­යදී පැමිණි දෙදෙ­නෙකු තියුණු ආයු­ධ­ය­කින් ඇගේ ගෙල කපා පලා ගිය බවයි.

ඝාත­ක­යන් දෙදෙනා බිරි­ය­ගෙන් මුදල් ඉල්ලා සිටි බවත් මුදල් නොදුන් විට තියුණු ආයු­ධ­යෙන් ගෙලට පහර දුන් බවත් ඔහු වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර තිබේ. ඝාත­න­යට ලක් වූ අයගේ ස්වාමි­පු­රු­ෂ­යාගේ ප්‍රකාශ සම්බ­න්ධ­යෙන් වැඩි­දු­ර­ටත් පුළුල් පරී­ක්ෂණ පව­ත්වන බව ඌර­ග­ස්මං­හ­න්දිය පොලි­සිය කියයි. එයට අම­ත­රව ඝාත­ක­යන් පලා­ගොස් තිබේ නම් ඒ කුමන පැත්ත­කට ද යන්න සම්බ­න්ධ­යෙන් ද පරී­ක්ෂණ පව­ත්වන බව ද ඇල්පි­ටිය පොලි­සියේ ප්‍රකා­ශ­ක­යෙක් සඳ­හන් කළේය.



සිද්ධිය සම්බ­න්ධ­යෙන් ඝාත­න­යට ලක් වූ අයගේ ස්වාමි­පු­රු­ෂයා පොලි­සිය විසින් සැක­පිට අත්අ­ඩං­ගු­වට ද ගනු ලැබ තිබේ. පවුල් ආර­වු­ලක් මත මෙම ඝාත­නය සිදු කළා ද යන්න සම්බ­න්ධ­යෙන් ද පොලි­සියේ අව­ධා­නය යොමුව තිබේ. ඌර­ග­ස්මං­හ­න්දිය පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක කීර්ති­සිංහ මහ­තාගේ මෙහෙ­ය­වීම මත අප­රාධ අංශයේ ස්ථානා­ධි­පති උප පොලිස් පරී­ක්ෂක වීර­සිංහ මහතා ඇතුළු පිරි­සක් වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වති.
(බළ­පි­ටිය  - ජය­කාන්ත ලිය­නගේ, බෙන්තොට - එස්. මද්දෙ­වි­තාන, කර­න්දෙ­ණිය - අනු­රාධ ප්‍රිය­ද­ර්ශන)