unexpected-death-child

 කෝටි­පති ව්‍යාපා­රි­ක­ය­කුගේ නි‍ෙවස ඉදි­රි­පිට අලං­කා­ර­යට තබා තිබූ සිමෙ­න්ති­ව­ලින් තනන ලද ජිරාෆ් සතෙ­කුගේ අනු­රු­වක් අවු­රුදු දා (14) ව්‍යාපා­රි­ක­යාගේ එකම පුතුගේ ඇඟ මතට වැටී බර­ප­තළ තුවාල ලබා මිය­ගොස් ඇතැයි හෙට්ටි­පොළ පොලි­සිය කියයි. මෙලෙස අවා­ස­නා­වන්ත ලෙස මිය­ගොස් ඇත්තේ හෙට්ටි­පොළ, මන්ද­පොළ, ජය­සි­රි­ගම පදිං­චිව සිටි හෙට්ටි­පොළ ආදර්ශ ප්‍රාථ­මික විද්‍යා­ලයේ තෙවන වසරේ ඉගෙ­නුම ලබ­මින් සිටි හිටි­හාමි මුදි­ය­න්සේ­ලාගේ චේතිය දෙනු­වන් ජය­ති­ලක අට හැවි­රිදි දරු­වාය. මිය­ගිය දරු­වාට වැඩි­ම­හල් සහෝ­ද­රි­යක් සහ බාල සහෝ­ද­රි­යක් සිටින අතර දරුවා පෙරේදා (14) සවස සිය මව අමතා නිව­සට මඳක් ඈතින් තිබෙන "කිරි අත්ත­ලගේ ගෙදර ඔන්චිලි පැදලා එන්න­දැයි" මව­ගෙන් විමසා තිබූ බව පොලි­සිය කියයි.



ඉක්ම­නට එන්න පුතේ යැයි පවසා මව අව­සර ලබා­දී­මත් සම­ඟම නිව­සින් පිටවී තිබූ දරුවා ඔන්චිලි පැදීම සඳහා නොගොස් නි‍ෙවස ඉදි­රි­පිට ගේට්ටුව දෙපස තිබෙන අලි දෙදෙනා මත­ටද නැඟී මඳ වේලා­වක් සිට අන­තු­රුව පදිංචි දෙම­හල් නිවස ඉදි­රි­පිට අඩි 3ක පමණ උසින් යුත් වට­ර­වු­මක් තිබෙන ස්ථාන­යක මැද මුනින් අතට නවා තිබූ මල් පෝච්චි­යක් මතට නැඟ ඒ අසල තිබූ අඩි 8ක් පමණ උසින් යුත් සිමෙ­න්ති­ව­ලින් තනන ලද ජිරාෆ් සතාගේ පිළි­රුව මතට නැඟ ඇති බව

පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත. සිමෙන්තියෙන් තැනූ ජිරාෆ් ඇඟ මතට වැටී බර­ප­තළ තුවාල ලබා ඇති බව කියන දරුවා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

බණ්ඩා­ර­ගම බිමල් ජය­සිංහ