kurunegala-jaffna-covid-deaths

කුරු­ණෑ­ගල ශික්ෂණ රෝහ­ලින් සහ යාප­නය රෝහ­ලින් කොවිඩ් ආසා­දිත මර­ණ දෙකක් පෙරේදා (14) සහ පසු­ගිය සිකු­රාදා (12) වාර්තා වීම හේතු­වෙන් නැවත කොවිඩ් වසං­ගත අව­දා­න­මක් මතුව ඇති බව වාර්තා වේ.

කුරු­ණෑ­ගල ශික්ෂණ රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී මර­ණ­යට පත් කාන්තා­වක් සම්බ­න්ධ­යෙන් ඇතිවූ සැක­යක් මත කරන ලද පීසී­ආර් පරි­ක්ෂා­ව­කදී එම මර­ණ­යට හේතුව කොවිඩ් වයිරසය ආසා­ද­නය වීම බව අනා­ව­ර­ණය වී ඇත.


යාප­නය රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටි 62 හැවි­රිදි කාන්තා­වක් කොවිඩ් -19 ආසා­ද­නය වී මිය­ගිය බව රෝහල් ආරංචි මාර්ග පව­සයි.

යාප­නයේ පදිංචි මෙම කාන්තාව පසු­ගිය සතියේ ප්‍රංශයේ සිට පැමිණ ඇති අතර උණ රෝග­යක් හේතු­වෙන් යාප­නය රෝහ­ලට ඇතු­ළත් කැර ඇත.

ඇය පසු­ගිය සිකු­රාදා (12) මිය­ගොස් ඇති අතර අද ලැබුණු පශ්චාත් මරණ පරී­ක්ෂණ වාර්තා­වෙන් හෙළි වී ඇත්තේ එම මර­ණය කොවිඩ් -19 හේතු­වෙන් සිදු­වූ­වක් බවයි.


මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රුන් (PHI) ඇයගේ සමීප සම්බ­න්ධතා සොයා ගැනී­මට පිය­වර ගෙන ඇත.

කුරු­ණෑ­ගල රෝහ­ලෙන් මෙවැනි කොවිඩ් ආසා­දිත මර­ණ­යක් පිළි­බ­ඳව වාර්තා වූයේ ඉතා දිගු කල­කට පසු­වය.

මේ තත්ත්වය හේතු­වෙන් එම රෝගියා බාහිර පරි­ස­ර­යට නිරා­ව­ර­ණ­යවූ ප්‍රති­කාර ලැබූ වාට්ටුවේ රෝගීන් සහ කාර්ය මණ්ඩ­ලය නිරෝ­ධා­ය­න­යට ලක් කිරී­මට රෝහල් බල­ධා­රීන් පිය­වර ගෙන තිබේ.

කොවිඩ් වසං­ගත තත්ත්වය ජන­තාව මෙන්ම ජන­තා­වද නොස­ලකා හැර තිබෙන අව­ස්ථා­වක මෙය නැවත අව­ධා­න­යට ලක් විය යුතු බර­ප­තළ කරු­ණක් වන බවද රෝහල් ආරංචි මාර්ග සඳ­හන් කෙළේය.
 - පුෂ්ප­කු­මාර ජය­රත්න