price-down-essential-food

ආනයනික බිත්තර ඇතුළු අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ 09ක මිල පහත හෙළීමට ලංකා සතොස කටයුතු කර තිබේ. ඒ අනුව ආනයනික බිත්තරයක මිල රුපියල් 36 දක්වා අඩුකර ඇත. මින් පෙර එම මිල රුපියල් 43ක් වූ අතර රුපියල් 07කින් මිල පහත දමා තිබේ.






මීට අමතරව පාකිස්තානු ලොකු ලූනු කිලෝග්‍රෑමයක් රුපියල් 55කින්, ආනයනික රතුලූනු කිලෝග්‍රෑමයක් රුපියල් 30කින්, ජම්බෝ කඩල කිලෝග්‍රෑමයක් රුපියල් 16කින්, පාකිස්තානු  අර්තාපල් කිලෝග්‍රෑමයක් රුපියල් 15කින්, එස්.එල්. එස්. කිරිපිටි ග්‍රෑම් 400ක් රුපියල් 10කින්, ආනයනික පාන්පිටි කිලෝග්‍රෑමයක් රුපියල් 08කින්, දේශීය සුදු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 03කින් සහ රසකාරක නොමැති සෝයාමීට් කිලෝග්‍රෑමයක් රුපියල් 02කින්ද අඩු කර  ඇත.
නිදර්ශනි වික්‍රමසිංහ