
බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී අදහස් දැක්වීමට නම් කෙරුණු ආණ්ඩුපක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිසිවකු හෝ සභාගර්භයේ නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා විසින් ඊයේ (2) පස්වරු 4 දක්වා කල් තබනු ලැබීය.
විවාදයේදී අදහස් දැක්වීමට නියෝජ්‍ය කතානායකවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පහළොස් දෙනකුගේ ද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හය දෙනකුගේ ද නම් එක දිගට පිළිවෙළින් අඬගැසුව අඬගැසුව ද ඒ එකම මන්ත්‍රීවරයකුවත් සභාගර්භයේ සිටියේ නැත. නියෝජ්‍ය කතානායකවරයා සභාවේ කටයුතු මෙසේ තාවකාලිකව අත්හිටුවූයේ ඒ අනුවය.විවාදයකදී අදහස් දැක්වීමට මන්ත්‍රීවරුන් නොසිටීම හේතුවෙන් මෑත භාගයේදී පාර්ලිමේන්තුව කල් තැබුණු පළමු අවස්ථාව මෙයයි.විවාදයේදී අදහස් දැක්වීමට නම් කෙරුණ ද සභාගර්භයේ නොසිටි විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා, එම්.ඒ. සුමන්තිරන්, විජිත හේරත්, පාඨලී චම්පික රණවක, නිරෝෂන් පෙරේරා, එස්.එම්.මරික්කාර්, මහාචාර්ය චරිත හේරත්, ගාමිණී වලේබොඩ, නාලක ගොඩහේවා, තුෂාර ඉඳුනිල් අමරසේන, එස්. වේලුකුමාර්, උදය කුමාර්, චාල්ස් නිර්මලනාදන්, සෙල්වරාසා කජේන්ද්‍රන් සහ වීරසුමන වීරසිංහ යන පහළොස් දෙනාය.
ඉන් අනතුරුව විවාදයේදී අදහස් දැක්වීමට මහාචාර්ය රංජිත් බණ්ඩාර, සුරේන් රාගවන්, බන්දුල ගුණවර්ධන, එම්.ඒ. මුෂාරෆ්, වඩි වෙල් සුරේෂ් සහ ෂෙහාන් සේමසිංහ යන මහත්වරු නියෝජ්‍ය කතානායකවරයා විසින් පිළිවෙළින් නම් කරනු ලැබූහ. නියෝජ්‍ය කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව මෙසේ කල් තබනු ලැබුවේ ඊයේ (2) පස්වරු 1 ට පමණය.
අංජුල මහික වීරරත්න
Comments
Post a Comment
Your comment will be visible after approval