
නීතිවිරෝධී පිරමීඩ මුදල් ගනුදෙනු ජාවාරමේ නිරත වූ බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනමට ලක් කළ ඔන්මැක්ස් ටී පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු බව කියන පුද්ගලයකු සොයා එම ආයතනයේ මුදල් තැන්පත් කළ පිරිසක් හෝමාගම පිටිපන ප්‍රදේශයේ නිවෙසක් වැටලීමට කටයුතු කර සිටිය දී එම පිරිස විසුරුවා හැරීමට කටයුතු කළ බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
අදාළ මුදල් තැන්පත්කරුවන් පිරිස සමාජ මාධ්‍ය ඔස්සේ සන්නිවේදන කටයුතු සිදු කරමින් සැකකාර අධ්‍යක්ෂවරයකුට අයත් බව කියන
මීගොඩ නාවලමුල්ල ප්‍රදේශයේ නිවෙසක් අසලට පළමුවෙන් රැස්ව ඇති බවත් සැකකරු එහි නොසිටි බැවින් හෝමාගම පිටිපන පන්සල් හන්දිය ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ සහෝදරයකු පදිංචිව සිටි බව කියන නිවෙසක් වෙත ගොස් සැකකාර අධ්‍යක්ෂවරයා ලබාදෙන ලෙස දන්වමින් එහි කලහකාරි ලෙස හැසිරි ඇති බව ද පොලිසිය පවසයි.
ඒ අනුව පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද පැමිණිල්ලක් මත පොලිස් නිලධාරින් කණ්ඩායමක් එම නිවෙස වෙත ගොස් පිරිස විසුරුවා හැරීමට කටයුතු කර ඇත.සැකකාර අධ්‍යක්ෂවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ සියය බැගින් වූ ශරීරය ඇප මත සිටින තැනැත්තකු බව පොලිසිය කියයි.
කේ. බුද්ධික කුමාරසිරි
Comments
Post a Comment
Your comment will be visible after approval