
ජ්‍යෙෂ්ඨ සංගීතඥයෙක් මෙන්ම සංගීත ආචාර්යවරයෙක් වූ ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතා ඊයේ අභාවප්‍රාප්ත වූයේය.
ප්‍රවීණ ගායන ශිල්පී සමිතා මුදුන්කොටුව මහත්මියගේ පියා වන ප්‍රේමදාස මුදුන්කොටුව මහතා අභාවප්‍රාප්ත වන විට 91 හැවිරිදි වියේ පසු විය.
1933 වසරේ ඔක්තෝබර් මස 06 වනදා අවිස්සාවේල්ල, කොස්ගම ප්‍රදේශයේ දී උපත ලබා ඇති ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව සංගීත උපදේශවරයෙක් සහ කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළේය.
දේහය අද (30) උදෑසන සිට සවස් වන තුරු බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු සවස සිදු කිරීමට නියමිත ය.

Comments
Post a Comment
Your comment will be visible after approval