
චිත්‍රපට රූගත කිරීමක් අතරතුර සිදුවූ වෙඩි තැබීමේ දර්ශනයකදී රංගන ශිල්පි ජගත් මනුවර්ණ මහතා තුවාල ලබා රෝහල්ගත කර ඇත.
රන්මිනිතැන්න ටෙලි ගම්මානයේ සිදුකළ චිත්‍රපට රූපගත කිරීමක් අතරතුර මෙම සිද්ධිය වී ඇති බව පොලිසිය පවසයි. තුවාල ලැබූ ජගත් මනුවර්ණගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.
චිත්‍රපටයේ පිපිරවීමේ දර්ශන සිදුකරන ශිල්පියාගේ අත්වැරැද්දකින් මෙම හදිසි අනතුර සිදුවී ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.
චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කරන ෆාදර් ක්‍රියාදාම චිත්‍රපටයේ රූපගත කිරීමක් අතරතුරදී මෙම අනතුර සිදු වී තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval