hanthana-mother-daughter

 හන්තාන ප්‍රදේ­ශයේ සුවි­සල් නිවෙ­සක් කුලි­යට ගෙන මව සහ දිය­ණිය එක්ව පව­ත්වා­ගෙන ගිය ගණිකා නිවා­ස­යක් වටලා මහ­නු­වර කොට්ඨාස අප­රාධ විම­ර්ශන ඒක­කය මඟින් කාන්තා­වන් තිදෙ­නකු සැක­පිට අත්අ­ඩං­ගු­වට ගනු ලැබ තිබේ.

මේ ගණිකා නිවෙසේ කළ­ම­නා­කා­රි­නිය ලෙස දිය­ණිය ද, මුදල් අය­කැමි ලෙස මව ද කට­යුතු කර තිබෙන බව පොලිස් පරී­ක්ෂ­ණ­ව­ලින් අනා­ව­ර­ණය වී ඇත.

සැක­පිට අත්අ­ඩං­ගු­වට ගත් මව සහ දිය­ණිය ගලෙ­න්බි­ඳු­ණු­වැව පදිං­චි­ක­රු­වන් බව පොලි­සිය පව­සයි.



ගණිකා නිවා­සය පිළි­බ­ඳව සති දෙකක කාල­යක් පොලිස් නිල­ධා­රීන් ආවේ­ශන රාජ­කා­රි­වල නිර­තව සිට උපාය දූත­යකු යොදවා රුපි­යල් පන්ද­හ­සක මුද­ල­කට ගණිකා සේවය ගැනී­මට සැලැ­ස්වී­මෙන් පසු පොලි­සිය අදාළ වැට­ලීම සිදු කර තිබේ.

වැට­ලීම සිදු කරන අව­ස්ථාවේ එහි මව සහ දිය­ණි­යට අම­ත­රව එක් කාන්තා­වක් පම­ණක් සිට ඇත. ප්‍රශ්න කිරී­මේදී ඔවුන් පවසා ඇත්තේ අවු­රුදු නිවා­ඩු­වට ගිය සෙසු කාන්තා­වන් යළි සේව­යට වාර්තා නොකළ බවයි.

අත්අ­ඩං­ගු­වට ගත් අනෙක් කාන්තාව 28 හැවි­රිදි මාව­නැල්ල ප්‍රදේ­ශයේ පදිං­චි­කා­රි­යකි.



මහ­නු­වර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි අනු­රුද්ධ බණ්ඩා­ර­නා­යක මහ­තාගේ උප­දෙස් මත, කොට්ඨාස අප­රාධ විම­ර්ශන ඒක­කයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක තිලක් සම­ර­නා­යක මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් පොලිස් පරී­ක්ෂක වීර­රත්න, උප පොලිස් පරී­ක්ෂක ධම්මික, කාන්තා පොලිස් සැර­යන් (5044) මංජුලා, පොලිස් කොස්තා­පල් (69707) හේම­සිරි, පොලිස් කොස්තා­පල් (60707) චානක යන නිල­ධා­රීන් වැට­ලීම සිදු කර ඇත.
(අසේල කුරු­ළු­වංශ)