russian-army-sri-lankan

රුසි­යානු හමු­දාවේ සහා­යක සේවා රැකියා ලබා­දෙන බව සඳ­හන් කර­මින් සංචා­රක වීසා මත රැගෙන ගොස් කුලී හේවා­යන් ලෙස එරට හමු­දා­වට බඳ­වා­ගෙන සිටින ශ්‍රී ලාංකි­ක­යන් දෙදෙ­නකු පෙරේදා (10) රුසි­යානු ඉදිරි ආර­ක්ෂක වළ­ල්ලට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහා­ර­ය­කින් මිය­ගොස් ඇති බව ආරංචි මාර්ග පව­සයි.



යුක්රේන දේශ­සී­මාවේ "ඩොනේෂ්" ප්‍රදේ­ශ­යේදී යුක්රේන හමු­දාව විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහා­ර­ය­කින් මෙම සෙබ­ළුන් දෙදෙනා ඇතුළු රුසි­යානු හමු­දාවේ කිහි­ප­දෙ­නකු මිය­ගොස් ඇති බව සඳ­හන් කරයි.



මෙම ප්‍රහා­රය එල්ල වී ඇත්තේ යුද වාහන පෙළ­කට වන අතර ප්‍රහා­රය එල්ල වන විට ඒ ආසන්න ප්‍රදේ­ශයේ ආර­ක්ෂක කට­යු­තු­වල නිර­තව සිටි ශ්‍රී ලාංකි­ක­යකු ඒ සම්බ­න්ධ­යෙන් තම නිවෙ­සට ඊයේ (11) පවසා ඇති බව ද ආරංචි මාර්ග පව­සයි. මිය­ගොස් ඇත්තේ සහ මෙම තොර­තුරු මෙර­ටට ලබාදී ඇත්තේ යුද හමු­දාවේ සේවය කර විශ්‍රාම ගොස් සිටින අයකු බව ද වාර්තා වෙයි.

සහා­යක සේවා කට­යුතු සඳහා යැයි පව­ස­මින් මෙරට හමු­දාවේ විශ්‍රාම ගිය සැල­කිය යුතු පිරි­සක් රුසි­යා­වට රැගෙන ගොස් අවි පුහු­ණුව නැවත ලබා­දෙ­මින් කුලී හේවා­යන් ලෙස රුසි­යානු ඉදිරි ආර­ක්ෂක වළ­ල්ලට යොද­වන බව රුසි­යානු හමු­දා­වෙන් පලා­විත් මේ වන විට මෙරට සිටින යුද හමු­දාවේ විශ්‍රා­මි­ක­යකු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට මීට දින කිහි­ප­ය­කට පෙර පැමි­ණි­ල්ලක් ද කර තිබේ.



මෙම ජාවා­රම සිදු කරන පුද්ග­ල­යන් හා ඒජන්සි සම්බ­න්ධ­යෙන් බොහෝ තොර­තුරු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට ලබා­දෙ­මින් පවසා ඇත්තේ රුසි­යානු හමු­දාවේ කුලී හේවා­යන් ලෙස යොදවා ඇති ශ්‍රී ලාංකික විශ්‍රා­මික හමුදා සෙබ­ළුන් අන්ත ලෙස දුක් විඳින බවයි. බිලි බෝයි ලෙස යොදා ගන්නා ඔවුන්ට පැන යෑමට ද නොහැකි අතර පසු­ප­සට පැමි­ණෙන්නේ නම් වෙඩි තබන බව ද වාර්තා වෙයි. පලා යෑමට සූදා­නම් වුව­හොත් සිදු­වන්නේ ද වෙඩි කන්නට බව එම සෙබළා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමුවේ පවසා ඇත.

දින ගණ­නක් නිරා­හා­රව සිට කැලෑ මාර්ග­යක් ඔස්සේ ගමන් කොට රුසි­යාවේ ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලයේ ද සහාය ඇතිව මෙර­ටට පැමිණි බව රුසි­යානු හමු­දා­වෙන් පලා ආ ශ්‍රී ලාංකි­කයා පවසා තිබේ. රුසි­යානු භාෂා­වෙන් ඇති ලිය­කි­ය­විලි පෙන්වා මෙම වංචාව සිදු කරන පුද්ග­ල­යන් සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව පුළුල් විම­ර්ශ­න­යක් ආරම්භ කර තිබේ.

(ගයාන් කුමාර වීර­සිංහ සහ මහින්ද අලු­ත්ගෙ­දර)