Dragon-Ball-First-theme-park-to-be-built-in-Saudi-Arabia

ප්‍රසිද්ධ ජපන් සජීවිකරණ මාලාවක් වන ඩ්‍රැගන් බෝල් පාදක කර ගනිමින් තේමා උද්‍යානයක් ඉදිකරන බව සෞදි අරාබිය නිවේදනය කර ඇති අතර එයට රසිකයින් විවිධ ප්‍රතිචාර දක්වා ඇත.

ව්‍යාපෘතිය පිටුපස සිටින සමාගම කියා සිටින්නේ එහි මධ්‍යයේ මීටර 70 (අඩි 229.6) මකරෙකු සහ අවම වශයෙන් සවාරි 30 ක් ඇතුළත් වනු ඇති බවයි.
 සෞදි අරාබි රජයේ ආයෝජන අරමුදලට සම්පූර්ණයෙන්ම අයත් වන Qiddiya Investment Company (QIC) පවසන පරිදි මෙම උද්‍යානය වර්ග මීටර් මිලියන භාගයකට වඩා වැඩි ප්‍රදේශයක් ආවරණය කරනු ලබයි.

සැබවින්ම මෙම සැලසුම QIC සහ ජපානයේ Dragon Ball නිෂ්පාදකයා වන Toei Animation අතර "දිගුකාලීන උපායමාර්ගික හවුල්කාරිත්වයක" කොටසකි.

නිල ඩ්‍රැගන් බෝල් වෙබ් අඩවියට අනුව, උද්‍යානය තුළ ඩ්‍රැගන් රෝලර් කෝස්ටරයක් ඇතුළත් වෙයි.



Qiddiya යනු සෞදි අරාබියේ රියාද් අගනුවර අසල ඉදිකරන ලද ප්‍රධාන විනෝදාස්වාද සහ සංචාරක ව්‍යාපෘතියකි.

සමහර ඩ්‍රැගන් බෝල් රසිකයන් තේමා උද්‍යානයේ සැලසුම් පිළිගෙන ඇති අතර, තවත් සමහරු සමාජ මාධ්‍යවල එය  ප්‍රශ්න කර ඇත.

එසේම එහි මානව හිමිකම් වාර්තාව සහ LGBTQ+ අයිතිවාසිකම් පිළි නොගැනීම සම්බන්ධයෙන් විවේචනයට ලක්ව ඇත.

කෙසේනමුත් මෙම නිවේදනය නිකුත් වන්නේ ඩ්‍රැගන් බෝල් නිර්මාතෘ අකිරා ටොරියාමාගේ මරණයෙන් සති කිහිපයකට පසුවය.

68 හැවිරිදි වියේ පසුවූ ටොරියාමා මාර්තු 01 වැනිදා මිය ගිය අතර ඔහුගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වූයේ ඔහුගේ පවුලේ අය සහ මිතුරන් ඉතා ස්වල්පයක් පමණක් බව ඩ්‍රැගන් බෝල් වෙබ් අඩවියේ ප්‍රකාශයක සඳහන් වෙයි.

ලොව පුරා සිටින රසිකයින් තම ජීවිතයේ කොටසක් බවට පත් වූ චරිත නිර්මාණය කිරීම ගැන ටොරියාමාට උපහාර දක්වා ඇත.

Dragon Ball විකට කතා මාලාව 1984 දී ආරම්භ වී ඇති අතර එය Son Goku නම් පිරිමි ළමයෙකුට සුපිරි බලයක් ලබා දිය හැකි ඉන්ද්‍රජාලික ඩ්‍රැගන් බෝල එකතු කිරීමේ ගවේෂණයක් දර්ශනය කරනු ඇත.

විශේෂම දෙය වන්නේ එය සෑම කාලයකම වඩාත්ම බලගතු සහ වැඩියෙන්ම අලෙවි වන ජපන් විකට චිත්‍රකතාවලින් එකක් වීමය.