railway-general-manager-sudden-death-bandara

අමාත්‍ය බන්දුල ගුණ­ව­ර්ධන මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ඊයේ (23) අනු­රා­ධ­පුර පැවැ­ත්වී­මට නිය­මි­තව දුම්රිය මාර්ගයේ නවී­ක­රණ කට­යුතු නිරී­ක්ෂ­ණ වැඩ­ස­ට­හන් මාලා­වක් සඳහා සහ­භාගි වීමට ගිය දුම්රිය සාමා­න්‍යා­ධි­කා­රි­ එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර (58) මහතා හදිසියේ මියගොස් ඇති අතර එම මරණය තවමත් අභිරහසකි. ඒ මහ­තාගේ සිරුර හමුවී ඇත්තේ ඊයේ (23) උදෑ­ස­නය. අනු­රා­ධ­පුර ධර්ම­පාල මාවතේ පිහිටි දුම්රිය දෙපා­ර්ත­මේ­න්තු­වට අයත් සංචා­රක බංග­ලාවේ පෙර­දින නින්දට ගිය ඒ මහතා උදෑ­සන අව­දිව නොති­බී­මත් දොරට තට්ටු කර කොත­රම් කථා කළත් ඔහු රැඳී සිටි කාම­රයේ දොර විවෘත නොවී­මත් හේතු­වෙන් දොර කඩා බැලී­මේදී සිරුර හමුවී ඇත.



නිදන ඇඳ අසල වැටී සිටි ඔහුව වහාම අනු­රා­ධ­පුර රෝහ­ලට රැගෙන ගියත් ඒ වන විට සිට ඇත්තේ මිය­ගො­සිනි.
පොලිසිය පැවසුවේ  නවා­තැන් ගෙන සිටි දුම්රිය සාමා­න්‍යා­ධි­කාරි බණ්ඩාර මහතා ඉකුත් 22 දා රාත්‍රී හෝ 23 දා අලු­යම මිය ගොස් ඇති බවයි.
සාමා­න්‍යා­ධි­කා­රි­ව­ර­යාගේ මර­ණය යම් අස­නීප තත්ත්ව­යක් නිසා සිදු වූ ස්වාභා­වික මර­ණ­යක්ද වෙනත් කරු­ණක් මත සිදු වූවක්ද යන්න අනා­ව­ර­ණය කර­ගැ­නී­මට පොලි­සි­යට අවශ්‍ය බවත් මරණය ගැන උසාවියට කරුණු වාර්තා කරමින් උප පොලිස් පරී­ක්ෂක නන්ද­සේන මහතා කරුනු දක්වා ඇත.

මිය­යන විට 58 හැවි­රිදි වියේ පසු වූ ඒ මහතා මාතලේ ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වකු වේ. දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුවේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රි­යකු වන ඉංජි­නේරු එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා පසු­ගිය වසරේ නොවැ­ම්බර් මස 04 වැනිදා දුම්රිය සාමා­න්‍යා­ධි­කාරී ලෙස වැඩ භාර­ගෙන කට­යුතු කළ දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුවේ කොයි කාගේත් ආද­ර­යට මෙන්ම ගෞර­ව­යට ලක්වූ­වෙකි.මාතලේ විද්‍යා විද්‍යා­ලයේ ආදි ශිෂ්‍ය­යකු වන ඔහු, පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ සිවිල් ඉංජි­නේරු උපා­ධි­ධා­රි­යෙකි. මොර­ටුව විශ්ව­වි­ද්‍යා­ලය වෙතින් පශ්චාත් උපා­ධිය ලබා ඇති අතර, ශ්‍රී ලංකා ඉන්ජි­නේරු ආය­ත­නයේ වර­ලත් සාමා­ජි­ක­යකු ලෙස ද කට­යුතු කළේය.


1996 වසරේ සිට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළේය.

මේ මරණ පරී­ක්ෂ­ණය හදිසි මරණ පරී­ක්ෂ­ක­ව­රයා මඟින් පම­ණක් පවත්වා අව­සන් කිරීම ප්‍රමා­ණ­වත් නොවන බවද සඳ­හන් කළේය.

ඇමති නිරීක්ෂණ කටයුත්ත වෙනුවෙන් ඉංජි­නේ­රු­ව­රුන් පිරි­සක් සමඟ පෙරේදා (22) අනු­රා­ධ­පු­ර­යට පැමිණ සිටි­යදී මෙලෙස මිය­ගොස් ඇත්තේ ඔහු නවා­තැ­න්ගෙන සිටි බංග­ලාව තුළ­දීය.

 හදි­සියේ මිය ගොස් සිටි පුද්ගලයා හා අදාළ ස්ථානය නිරී­ක්ෂ­ණය කිරී­මෙන් සහ අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහ­ලේ මළ සිරුර පරීක්ෂා කර බැලී­මෙන් අන­තු­රු­ව ඔහුගේ මළ සිරුර සම්බ­න්ධ­යෙන් පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යක් පවත්වා මර­ණ­යට හේතුව නොප­මාව අධි­ක­ර­ණ­යට දන්වන ලෙසටද  මරණ පරී­ක්ෂ­ණයේ සාක්ෂි මැයි 14 දින විවෘත අධි­ක­ර­ණය හමුවේ කැඳ­වී­මට පිය­වර ගන්නා ලෙස­ටද අනු­රා­ධ­පුර ප්‍රධාන මහේ­ස්ත්‍රාත් සහ අති­රේක දිසා විනි­සුරු නාලක සංජීව ජය­සූ­රිය මහතා අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහලේ විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රි­ව­ර­යාට ඊයේ (23) නියෝග කළේය.