
රංගනයෙන් සේම ස්වකීය සමාජ දැක්මෙන්ද නිරතුරුවම ජනතා සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රතිභාපූර්ණ චරිතාංග නළුවකු වන සිරිල් වික්‍රමගේ මහතාගේ සුව දුක් විමසීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් පසුගියදා කලාපුරේ ඔහුගේ නිවෙසට ගියහ.
‘සත්සමුදුර’ චිත්‍රපටයේ ‘ගුණදාස’ ලෙස ප්‍රේක්ෂකයන් අතරට පැමිණි සිරිල් වික්‍රමගේ මහතා බිනරමලී, පාරාවළලු, වල්මත් වූවෝ, එයා දැන් ලොකු ළමයෙක්, සිරිමැදුර, සෙයිලම, මාරුතය, පාලම යට, කුලගෙය, සුද්දිලාගේ කතාව, මංගල තෑග්ග, මී හරකා, අඹු සැමියෝ, අහස් ගව්ව ආදි බොහෝ චිත්‍රපටවලට රංගනයෙන් දායක විය.
වේදිකා නාට්‍ය, සිනමා නිර්මාණ පමණක් නොව පුංචි තිරයද ජය ගත් කලාකරුවකු වන අතර සිරිල් වික්‍රමගේ මහතා ගව්වෙන් ගව්ව, ඇල්ල ළඟ වලව්ව, මිහිකතගේ දරුවෝ, කරදිය වළල්ල, පළිඟු මැණිකේ, සෙනෙහෙලතා, නුඹ නාඬන් එවැනි නිර්මාණයන් කිහිපයකි.
මේ අවස්ථාවට සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන මහත්මිය සමඟ දෙපාර්තමේන්තු නිලධාරීහු සහ රාජ්‍ය සංගීත කණ්ඩායමේ සංගීත ශිල්පීහු පිරිසක් එක්ව සිටියහ.





Comments
Post a Comment
Your comment will be visible after approval