south-korea-adult-show-cancelled

දකුණු කොරියාවේ "පළමු සහ විශාලතම" ලෙස  ප්‍රකාශ කළ ලිංගික උත්සවයක් ගැන ප්‍රචාරයන් නිසා පසුගිය දිනවල විශාල කතාබහක් ඇතිවූ අතර
පසුගිය සති අන්තයේ පවත්වන්නට දින ස්ථාන යොදාගෙන තිබූ උත්සවය අවසන් මොහොතේ අනපේක්සිත ලෙස අවලංගු කර තිබෙයි.
කොරියාවේ තරුණ පරපුර අතර ප්‍රියතම ජපන් කාමුක නළුවන් සහ නිළියන් බැලීමට රසිකයන් 5,000 ක් රොක් වන බව මෙහි පූර්ව ප්‍රචාර මගින් හැඟවුම් කරන ලදි.


මෙම උත්සවයේ සරාගී විලාසිතා දැක්මක්, ලිංගික සෙල්ලම් බඩු ප්‍රදර්ශනයක් සහ මිනිසුන්ගේ සජීවී වැඩිහිටි ක්‍රීඩා කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබුණි.
නමුත් පැය 24ක් ඉතිරිව තිබියදී උත්සවය අවලංගු විය.
දකුණු කොරියාව ලිංගිකත්වය සහ වැඩිහිටි විනෝදාස්වාදය සඳහා රජයේ ගතානුගතික පිළිවෙත මත මෙය නොපවත්වන ලෙස බලපෑම් ආ බව කියැවේ. ප්‍රසිද්ධියේ නිරුවත සහ නිරුවත් සංදර්ශන ව්‍යවස්තාව අනුව තහනම් කර ඇති අතර මෙම උත්සවය සෘජුව නැතත් වක්‍රාකාරව අසභ්‍ය දර්ශන විකිණීම හෝ බෙදා හැරීම සිදුකරන බවට චෝදනා එල්ල විය.

"සෑම සංවර්ධිත රටකම පාහේ ලිංගික උත්සවයක් ඇත, නමුත් මෙහි දකුණු කොරියාවේ අපට වැඩිහිටි විනෝදාස්වාද සංස්කෘතියක් පවා නොමැත. මට එය නිර්මාණය කිරීම සඳහා පළමු පියවර ගැනීමට අවශ්‍යයි," යනුවෙන් මෙම උත්සවය සංවිධානය කළ Play Joker සමාගමේ හිමිකරු Lee Hee Tae පැවසීය.