pugoda-incident

පියා පොලිස් අත්අඩංගුවට පත්වීම ගැන කෝපයට පත්වූ බව කියන විසිතුන් හැවිරිදි පුතකු විසින් පැමිණිලි කළ පුද්ගලයා ගේ නිවෙසට කඩා වැදී දොර ජනෙල්වලට පහර දී හානි කර ගිනි තබා ඇතැයි පූගොඩ පොලිසිය පවසයි.මෙම 23 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගැනීමට පූගොඩ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද පොලිසිය කියයි.

පූගොඩ ජපන්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් පෙරේදා (14) සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් සාදයක් පවත්වා ඇතැයි කියති.



සාදය පැවති ස්ථානය ආසන්නයේ පිහිටි නිවෙසක සිටින පුද්ගලයකු සමග කලක පටන් පවතින ආරවුලක් මත එම සාදයට සහභාගී වී සිටි දෙදෙනකු විසින් එම නිවසේ පදිංචි පුද්ගලයාට මරණ තර්ජනය කර ඇතැයි පොලිසිය සඳහන් කරයි. ඔහු මේ බව පූගොඩ පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු එහි නිලධාරීන් කණ්ඩායමක් පැමිණ මරණ තර්ජනය කළේ යැයි කියන දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිසිය කියයි.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගත් එක් පුද්ගලයකු ගේ අවුරුදු විසිතුනක් වයස පුත්‍රයා සි

ංහල අලුත් අවුරුදු දිනයේ පියා පොලිස් කූඩුවේ තැපීමට සිදුවීම සම්බන්ධයෙන් කෝපයට පත්ව පැමිණිලිකරුගේ නිවෙසට කඩා වැදී එහි දොර ජනෙල්වලට පහර දී අලාභ හානි සිදුකර ඒවාට දමා තිබූ තිර රෙදි වලට ද ගිනි තබා පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.පැමිණිල්ල කළ පුද්ගලයා මේ අවස්ථාවේ නිවෙසින් බැහැරට ගොස් ඊයේ (15) උදෑසන නිවසට පැමිණි අවස්ථාවේ මේ බව දැක පූගොඩ පොලිසියට පැමිණිලි කර ඇති අතර පූගොඩ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

  ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය