දක්ෂිණ අධි­වේගී මාර්ගයේ බණ්ඩා­ර­ගම ගැල­ණි­ගම ගුවන් පාලම අසල වතුර බැස යන පෙට්ටි බෝක්කු­වක සැක කට­යුතු ලෙස මිය ගොස් තිබූ නාඳු­නන පිරිමි පුද්ග­ල­ය­කුගේ මළ සිරු­රක් 21 අලු­යම හමුවූ බව බණ්ඩා­ර­ගම පොලි­සිය කියයි. 119 පොලිසි හදිසි ඇම­තුම් අංශය හරහා බණ්ඩා­ර­ගම පොලි­සි­යට ලද තොර­තු­රක් අනුව මළ සිරුර සොයා­ගෙන ඇත. තැඹිලි පාටට හුරු දුඹුරු පාට ඉරි වැටුණු සර­මක් සහ නිල් පාට පාටට හුරු අත් කොට කමි­ස­යක් හැඳ සිටින බව පොලි­සිය කියයි.

හිස පහ­තට නැවී තිබෙන බැවින් මුහුණ හඳු­නා­ගත නොහැකි බව පොලි­සිය සඳ­හන් කරයි. මෙම පුද්ග­ලයා බණ්ඩා­ර­ගම සහ අවට ප්‍රදේ­ශ­වල තැන තැන ඇවිද යන පුද්ග­ල­යකු බවට තොර­තුරු ලැබී ඇතැ­යිද ඉකුත් 19 බොල්ගොඩ පාලම අසල වැටී සිටි­යදී බණ්ඩා­ර­ගම පොලි­සියේ නිල­ධා­රීන් විසින් 1990 ගිලන් රථ­යෙන් බණ්ඩා­ර­ගම දිසා රෝහ­ලට ඇතු­ළත් කර ඇති අතර ඔහුට සේල­යින් ලබා දීමෙන් අන­තු­රුව ප්‍රකෘති තත්ත්ව­යට පත්වී­මෙන් අන­තු­රුව බල­හ­ත්කා­ර­යෙන් රෝහ­ලින් පිටව ගොස් ඇති බවට තොර­තුරු ලැබී ඇතැයි ද පොලි­සිය සඳ­හන් කරයි.