polonnaruwa-incident

පොලො­න්න­රුව, වැලි­කන්ද, සිංහ­පුර ප්‍රදේ­ශයේ 26 වැනිදා දහ­වල් 11.00ට පමණ ඉසඩ් ඩී ප්‍රධාන ඇළෙන් ගලා­බ­සින කෙත් ඇළට වැටුණු අවු­රුදු දෙකක පිරිමි දරු­වකු කි.මී. දෙකක් පමණ ජලයේ සැඩ පහ­රට ගසා­ගෙන ගොස් දියේ ගිලී­මෙන් අන­තු­රුව මිය­ගොස් ඇති බව වැලි­කන්ද පොලි­සිය කියයි.

මෙලෙස මිය­ගොස් ඇත්තේ වැලි­කන්ද, ජය­වි­ක්‍ර­ම­ගම, මහ­වැලි සිංහ­පුර අංක 27 ලිපි­නයේ පදිං­චිව සිටි අවු­රුදු දෙකක් වය­සැති ඒක­නා­යක මුදි­ය­න්සේ­ලාගේ ඉසුරු ජය­නාත් බණ්ඩාර යන දරු­වකු බව පරී­ක්ෂණ සිදු කරන වැලි­කන්ද පොලි­සිය සඳ­හන් කරයි.



මව අවු­රුදු උත්ස­ව­යක් නැර­ඹීම සඳහා මෙම දරුවා වැඩි­ම­හල් දිය­ණි­යට භාර දී ගිය අව­ස්ථා­වේදී දරුවා නිවෙස පිටු­පස තිබෙන කෙත් ඇළට වැටී කි.මී. 2ක් පමණ දුරට ගසා­ගෙන ගොස් තිබේ. වැලි­කන්ද සිංහ­පුර ප්‍රදේ­ශයේ පෞද්ග­ලික වී මෝලක සේව­ක­යකු, දරු­වකු ගසා­ගෙන යන අයුරු දැකී­මෙන් අන­තු­රුව පිරි­සක් එක්ව එම දරුවා ගොඩ­ගෙන හදිසි ගිලන් රථ සේවය මඟින් වැලි­කන්ද රෝහ­ලට ඇතු­ළත් කොට තිබේ. එම දරුවා වැලි­කන්ද රෝහ­ලට ඇතු­ළත් කරන විට මිය­ගොස් සිට ඇති අතර, පශ්චාත් මරණ පරී­ක්ෂණ කට­යුතු සඳහා දරු­වාගේ සිරුර පොලො­න්න­රුව අධි­ක­රණ වෛද්‍ය­ව­රයා වෙත ඉදි­රි­පත් කිරී­මට කට­යුතු කර ඇති බව වැලි­කන්ද පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්‍ෂක සමන්ත රත්නා­යක මහතා සඳ­හන් කළේය.



දරුවා අන­තු­රට පත්වන මොහොතේ ඔහුගේ පියා ගෙවත්ත පිටු­පස ගව ගාලට ගොස් ඇති අතර, වැඩි­මල් සොයු­රිය මුළු­තැ­න්ගෙයි වැඩ කර­මින් සිට ඇති බව ඒ පිළි­බඳ මරණ පරී­ක්ෂ­ණය සිදු කළ වැලි­කන්ද හදිසි මරණ පරී­ක්ෂක වයි. එම්. එස්. බණ්ඩාර මහතා සඳ­හන් කළේය. සිද්ධිය පිළි­බඳ පොලො­න්න­රුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී නිශාන් ද සිල්වා මහ­තාගේ උප­දෙස් මත වැලි­කන්ද පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක සමන්ත රත්නා­යක මහතා ඇතුළු පොලිස් නිල­ධාරී කණ්ඩා­ය­මක් වැඩි­දුර පරී­ක්ෂණ සිදු කරයි.
(මන­ම්පි­ටිය - නිමල් ජය­රත්න)