polonnaruwa-incident

වය­සින් තමාට වඩා වසර 41ක් බාල 15 හැවි­රිදි දැරි­යක බර­ප­තළ ලෙස දූෂ­ණය කර ඇය ගැබි­නි­යක් බවට පත් කර දරු­වකු ප්‍රසූත කිරී­මට සැලැ­ස්වීමේ සිද්ධි­යට අදාළ නඩුවේ විත්ති­කරු දැරි­යගේ මුළු ජීවි­ත­යම අඳුරු කර ඇති බවත් මෙවැනි අප­රාධ කිසිදු අව­ස්ථා­වක ශිෂ්ට සම්පන්න සමා­ජ­යක් අනු­මත නොක­රන බවත් එවැනි බර­ප­තළ අප­රාධ සිදු කරන පුද්ග­ල­යන්ට දඬු­වම් පැමි­ණ­වී­මේදී ඒහා සමාන වැර­දි­ව­ලින් සෙසු අය වළ­ක්වන සමා­ජ­යට ආද­ර්ශ­යක් විය යුතු ආකා­රයේ දඬු­වම් නියම කළ යුතු බවත් පොලො­න්න­රුව මහා­ධි­ක­රණ විනි­සුරු රුචිර වැලි­වත්ත මහතා විවෘත අධි­ක­ර­ණය අම­ත­මින් පැව­සීය.

පොලො­න්න­රුව මහා­ධි­ක­රණ විනි­සුරු රුචිර වැලි­වත්ත මහතා මේ බව පැව­සුවේ

තමාට වඩා වය­සින් වසර 41ක් බාල 15 හැවි­රිදි දැරි­යක අවස්ථා තුන­කදී බර­ප­තළ ලෙස දූෂ­ණය කර ඇය ගැබි­නි­යක් බවට පත් කර දරු­වකු ප්‍රසූත කිරී­මට සැලැ­ස්වීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් මහා­ධි­ක­ර­ණය හමුවේ වෙන් වෙන් වශ­යෙන් අධි චෝදනා තුනක් ලබා සිටි 62 හැවි­රිදි විත්ති­ක­රු­වෙ­කුට එකී සියලු අධි චෝද­නා­වන්ට වර­ද­කරු බවට තීන්දු කර­මින් ඔහුට දඬු­වම් නියම කර­මිනි.

මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා තව­දු­ර­ටත් කියා සිටියේ විත්ති­කරු මෙම අප­රා­ධය සිදු කරන අව­ස්ථාව වන විට ඔහුගේ වයස අවු­රුදු 56ක් සහ දැරි­යගේ වයස අවු­රුදු 15ක් බවත් ඒ අනුව දැරි­යගේ සහ විත්ති­ක­රුගේ වයස පර­ත­රය වසර 41ක් බවත්ය. දරු­වන් දෙදෙ­න­කුගේ පියකු වන විත්ති­කරු බර­ප­තළ ලෙස වග­කීම් විර­හි­තව ක්‍රියා කර දැරි­යගේ මුළු ජීවි­ත­යම අඳුරු කර ඇති බවද මහා­ධි­කණ විනි­සු­රු­ව­රයා ප්‍රකාශ කළේය.

විත්ති­කරු සිදු කර ඇති මෙම අප­රා­ධය කිසි­සේත්ම ලඝු කොට මෙන්ම සුළු කොට සැල­කිය නොහැකි බවද කීවේය.

ඒ අනුව මහා­ධි­ක­රණ විනි­සුරු රුචිර වැලි­වත්ත මහතා විත්ති­ක­රුට වසර තිස් හයක (36) බර­ප­තළ වැඩ සහිත සිර දඬු­ව­මක් නියම කළේය.

අධි චෝදනා තුනට වෙන් වෙන් වශ­යෙන් වසර 12 බැගින් මෙම වසර 32 ක බර­ප­තළ වැඩ සහිත සිර දඬු­වම නියම කෙරිණ.

ඊට අම­ත­රව අධි චෝදනා තුනට වෙන් වෙන් වශ­යෙන් රුපි­යල් 15000 බැගින් දඩ මුදල් නියම කළ මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා එම දඩ මුදල් නොගෙ­වන්නේ නම් විත්ති­ක­රුට තවත් ලිහිල් වැඩ සහිත මාස 12ක සිර දඬු­ව­මක්ද නියම කෙරිණ. ඊට අම­ත­රව වින්දිත දැරි­යට මුද­ලින් රුපි­යල් ලක්ෂ 10ක වන්දි මුද­ලක් ගෙවන ලෙස­ටද විත්ති­ක­රුට නියෝග කළ මහා­ධි­ක­රණ විනි­සුරු රුචිර වැලි­වත්ත මහතා එම වන්දි මුදල ගෙවීම විත්ති­කරු පැහැර හරින්නේ නම් විත්ති­කරු තවත් මස 24ක සිර දඬු­ව­ම­ක­ටද යටත් කෙරිණ.

දඬු­වම් නියම කරන අව­ස්ථාව වන විට විත්ති­ක­රුගේ වයස අවු­රුදු 62ක් වීම සැල­කි­ල්ලට ගත් මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා නියම කළ වසර තිස් දෙකක බර­ප­තළ වැඩ සහිත සිර දඬු­වම වසර දොළ­හ­කින් එක­වර ගෙවී යා යුතු බව­ටද නියෝග කෙරිණ.

විත්ති­කරු විසින් දූෂ­ණය කළ 15 හැවි­රිදි දැරිය ප්‍රසූත කළ දරු­වාගේ පීතෲ­ත්වය තහ­වුරු කර ගැනීම සඳහා අධි­ක­රණ නියෝග මත ඩී.එන්.ඒ. පරී­ක්ෂ­ණ­යක් පැවැත්වූ අතර දැරිය ප්‍රසූත කළ දරුවා විත්ති­ක­රුට දාව උපන් අයෙකු බව එකී ඩී.එන්.ඒ. පරී­ක්ෂ­ණ­යෙන් ද තහ­වුරු කර තිබිණ.

අනු­රා­ධ­පුර - උපාලි ආනන්ද