trump-speaks

ඇමෙරිකා එක්සත් ජනපදය වෙත සංක්‍රමණිකයන් පිළිගැනීමේදී 'හොඳ' රටවලින් පැමිණෙන පිරිස් වෙත අවස්ථාව ලබාදිය යුතු බව හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.පසුගියදා ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ඩොලර් මිලියන ගණන් ලබා දෙන ආධාරකරුවන් අමතා ඔහු මේ බව පවසා තිබේ.





එම ආධාරකරුවන් අතරින් බිලියනපතියෙකු වන ජෝන් පෝල්සන්ගේ ෆ්ලොර්ඩෝහි පිහිටි මන්දිරයේදී මෙම හමුව සංවිධානය වී තිබේ. මෙහිදී හිටපු ජනාධිපතිවරයා ආසියාව, මැදපෙරදි, අප්‍රිකාව සහ ලතින් ඇමෙරිකාව යන රටවල් සංක්‍රමණිකයන් භාර ගැනීම සඳහා නුසුදුසු රාජ්‍යයන් ලෙස නම් කර තිබේ.

ඒ අතරින් යේමනයෙන් සංක්‍රමණිකයන් භාර ගැනීම නිසා එක්සත් ජනපදය තුළ පිපිම් සිදුවන බවත් ඔහු පවසා ඇත. කෙසේ වෙතත් ඔහු මෙහිදී ඇමෙරිකාවට සංක්‍රමණිකයන් භාර ගැනීම සඳහා හොඳ රටවල් ලෙස ඩෙන්මාර්කය, ස්විට්සර්ලන්තය සහ නෝර්වේ යන රාජ්‍යයන් නම් කර තිබේ. "ඔබ දන්නවාද ඩෙන්මාර්කය, s ස්විට්සර්ලන්තය තමයි. හොඳ රටවල්, අපේ රටට ඩෙන්මාර්කයේ ඉදන් ජනතාව එනවාද?, ස්විට්සර්ලන්තය මොකද? නෝර්වේ මොකද?” ට්‍රම්ප් පවසා තිබේ.