
ඊයේ අප්‍රේල් 8 වන දින දිවා රාත්‍රිය බවට පත්වන පූර්ණ සූර්යග්‍රහණයක් උතුරු ඇමරිකාව පුරා අහස අලංකාර කරවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අහස නිරීක්ෂකයින් ආකර්ෂණය කරගත් සම්පූර්ණ සූර්යග්‍රහණ නාටකාකාර වූ අතර අහස අඳුරු කරවීය, නමුත් ඒවා දෘශ්‍යමාන වූයේ ස්ථාන කිහිපයක පමණි.
මුළු අහස අඳුරු වීම මෙක්සිකෝව, එක්සත් ජනපදය සහ කැනඩාව අතර කිලෝමීටර් 185 ක දුරක් පුරා දිස්විය. විවිධ එක්සත් ජනපද ප්‍රාන්ත 18 කට ද එය දැකගත හැකි විය.
මෙක්සිකෝවේ පැසිෆික් වෙරළ තීරය මුලින්ම සම්පූර්ණයෙන් මෙම අත්දැකීම අත්වින්දේය.
එරට වේලාවෙන් පෙරවරු 11:07 ට පමණ මෙම සිද්ධිදාමය ඇරඹිණි. උච්ච දර්ශනය සම්පූර්ණ අන්ධකාරයේ මිනිත්තු 4 තත්පර 27ක් පැවතිණි.
සූර්යග්‍රහණයක් අත්විඳීමේ අවස්ථාව බොහෝ විට ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන අවස්ථාවක් ලෙස හඳුන්වා දී තිබුණි.
පහත පළවන්නේ නිරීක්ෂණ මධ්‍යස්ථාන වල සිට ඇමරිකානු නාසා ආයතනය ලබාගත් ඡායාරූප හා වීඩියෝයි.


Comments
Post a Comment
Your comment will be visible after approval