
රත්නපුර, පැල්මඬුල්ලේ දී ඊයේ (15) පැවැති අවුරුදු උත්සවයක ගම හරහා දිවීමේ තරගයට සහභාගී වූ පුතු දිරිමත් කරමින් ඔහු සමඟම දිව යමින් සිටි පියකු හදිසියේ මිය යාමේ පුවතක් පැල්මඬුල්ල පොලිසියෙන් වාර්තා වෙයි.
මෙසේ මිය ගොස් ඇත්තේ පැල්මඬුල්ල ක්‍රීඩා සමාජ මාවතේ පදිංචි අනුර ගාර්දියවසම් නමැති 60 හැවිරිදි පුද්ගලයෙකි. තම පුතා සහභාගි වූ මැරතන් තරගය අතරතුර ඔහුව දිරිමත් කරමින් මොහු ද දුවගොස් තිබෙන අතර තරගය අවසන් වීමෙන් පසු මෙම පියා දැඩි ලෙස රෝගාතුරවීම හේතුවෙන් වහාම රෝහල්ගත කිරීමට තරග සංවිධායකවරු ඇතුළු ප්රදේශවාසීන් විසින් පියවර ගෙන ඇත. හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මොහු මිය යන්නට ඇතැයි විශ්වාස කෙරේ.
මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය කහවත්ත මූලික රෝහලේදී පැවත්වීමට නියමිතව තිබිණි. මියගිය අය රෝගී තත්ත්වයන්ට ප්රතිකාර ද ලබාගෙන ඇතැයි පරීක්ෂණවලදී හෙළි වී තිබේ. පැල්මඬුල්ල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික නවරත්න මහතාගේ උපදෙස් අනුව පරික්ෂණ සිදු කෙරේ.
(කහවත්ත - නිරෝෂණ පෙරේරා)
Comments
Post a Comment
Your comment will be visible after approval