minneriya-incident

ජය­න්ති­පුර ගිරි­තලේ යාය හතර ප්‍රදේ­ශයේ ඥාති නිව­ස­කට පැමිණ සිටි­යදී ඉකුත් අප්‍රේල් 14 වෙනිදා රාත්‍රි තිස්නව හැවි­රිදි පෙම්වතා විසින් ගෙලට වෙඩි තැබීම නිසා බර­ප­තළ තුවාල ලබා පොළො­න්න­රුව මහ රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටි දාහත් හැවි­රිදි තරුණ කත පෙරේදා (27) රාත්‍රී මිය­ගොස් ඇතැයි මින්නේ­රිය පොලි­සිය පව­සයි.



මෙසේ මරු­මු­වට පත්ව ඇත්තේ කුඹුරු ඉඩම යාය හතර ගිරි­තලේ පදිංචි ගාල්පි­ටියේ ගෙදර කෝෂිලා චමෝද්‍යා බණ්ඩාර නමැති වයස අවු­රුදු 17යි මාස පහක් වූ අයෙකි.

වෙඩි ප්‍රහා­ර­යට ලක් වූ තරුණ කාන්තාව පළ­මුව පොළො­න්න­රුව මහ රෝහ­ලට ඇතු­ළත් කර තිබූ අතර අන­තු­රුව අනු­රා­ධ­පුර ශික්ෂණ මහ රෝහ­ලට මාරු­කර යවා තිබිණි. ඉන් අන­තු­රුව ඇය නැව­තත් පොළො­න්න­රුව මහ රෝහ­ලට මාරු කර ඒවා එහි ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී මෙසේ මරු­මු­වට පත්ව ඇත.

සිද්ධිය පිළි­බ­ඳව සැක කරන ලද පුද්ග­ලයා මින්නේ­රිය පොලි­සි­යට භාර වීමෙන් අන­තු­රුව අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් පසු රක්ෂිත බන්ධ­නා­ගාර ගත කර ඇති අතර වෙඩි තැබී­මට භාවිතා කරන ලද තුව­ක්කුව මේ දක්වා අත්අ­ඩං­ගු­වට ගැනී­මට නොහැකි වූ බව ද පොලි­සිය කියයි.

මිය­ගිය තරු­ණි­යගේ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය අද (29) පැවැ­ත්වී­මට නිය­මි­තව ඇත.



පොළො­න්න­රුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි නිශාන් ද සිල්වා මහ­තාගේ උප­දෙස් මත හිඟු­ර­ක්ගොඩ සහ­කාර පොලිස් අධි­කාරි සුදත් අස්ම­ඬල මහ­තාගේ මග පෙන්වීම මත මින්නේ­රිය පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක වසන්ත ප්‍රේම­ලාල් අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක සංජය සෝම­රත්න සැර­යන් ප්‍රේම­ති­ලක (66952) සැර­යන් සුමේධ (70077)යන මහ­ත්වරු වැඩි­දුර පරී­ක්ෂණ සිදු­ක­රති.

( මින්නේ­රිය සුසිල් කරු­ණා­ති­ලක, ඇළ­හැර සරත් වෙල­ගෙ­දර‍)