habaraduwa-incident

වයස අවු­රුදු 14ක් හා මාස 06ක් වියැති බාල­ව­ය­ස්කාර දැරි­යක් දූෂ­ණය කිරීම සම්බ­න්ධ­යෙන් දැරි­යගේ ඥාති මාමා කෙනකු පෙරේදා (27) අත්අ­ඩං­ගු­වට ගත් බව හබ­රා­දුව පොලි­සිය පව­සයි.



අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ වංචා­වල, දිවු­ලාන ප්‍රදේ­ශයේ පදිංචි 27 හැවි­රිදි හෝටල් සේව­ක­යෙකි. දැරිය දිය නා තුවා­යක් ඇඳ නිවස තුළට පැමිණ ඇඳුම් ඇඳී­මට සූදා­නම් වෙමින් සිටි­යදී, සැක­කරු නිවස තුළදී දැරිය දූෂ­ණය කොට ඇති බව පොලි­සිය පව­සයි. සැක­කරු විසින් මේ පිළි­බඳ කිසි­ව­කු­ටත් නොකි­යන ලෙස දැරි­යට තර්ජ­නය කොට ඇති බවද පොලි­සිය විසින් කරනු ලැබූ විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී තිබේ.

මෙම සිද්ධිය වන අව­ස්ථාවේ නිවෙසේ කිසි­වකු සිට නොමැති අතර, දැරිය උප­කා­රක පංති­ය­කට යාම සඳහා දිය නා නිවෙස තුළට පැමිණ ඇඳුම් මාරු කර­මින් සිටි­යදී මෙලෙස අත­ව­ර­යට ලක්ව ඇත.

මෙම සිද්ධිය සිදු වී දින 04කට පමණ පසුව දැරිය මව සමඟ පැමිණ හබ­රා­දුව පොලි­සි­යට පැමි­ණිලි කොට ඇත. සැක­කරු ඊයේ (28) අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබුණි. හබ­රා­දුව පොලිස් ස්ථානා­ධි­පති, ප්‍රධාන පොලිස් පරී­ක්ෂක දුණු­විල බණ්ඩාර මහ­තාගේ අධී­ක්ෂ­ණය යටතේ හබ­රා­දූව පොලි­සියේ ළමා හා කාන්තා කාර්යාං­ශයේ කාන්තා උප පොලිස් පරී­ක්ෂක අබේ­සු­න්දර මහ­ත්මිය විසින් මෙම සිද්ධිය පිළි­බඳ පරී­ක්ෂණ පව­ත්වයි.

දික්වැල්ලේ තිල­ක­රත්න