maldivians-air-colombo

මාලදිවයින මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර ,
මාලදිවයිනේ " මෝල්ඩිවියන්ස් " ගුවන් සේවය ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් මංගල ගුවන් යානය
04/25 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ.

කිව්.2 - 940 දරන මෙම ගුවන් යානය 04/25 දින රාත්‍රී 09.55 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත
පැමිණි අතර ජල ආචාර පවත්වමින් මෙම ගුවන් යානය පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන්
පියවර ගෙන තිබුණි.

මින් පසුව මෙම ගුවන් සේවයේ යානා සෑම සතියකම දින දෙකක් , එනම්
බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා කටුනායක සහ මාළදිවයින අතර ගුවන් ගමන් වල නිරත වීමට නියමිතය .

අඩු වියදම් ගුවන් සේවයක් වන මෙම ගුවන් සේවය තම ප්මංගල ගුවන් ගමන සදහා ඒ.320 එයාර් බස්
වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර එම ගුවන් යානයෙන් මාළදිවයින ප්‍රවාහන සහ සිවිල් ගුවන්
සේවා අමාත්‍ය කපිතාන් මොහොමඩ් අමීන් මහතා ද පැමිණ සිටියේය .