
හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව ශ්‍රී ලනිප සභාපති ධූරය දැරීම වළකමින් ඉල්ලා අධිකරණයට ගොස් චන්ද්‍රීකා කුමාරතුංග මහත්මිය වාරණ නියෝගයක් ඉල්ලා තිබූ අතර මහාධිකරණය ලබන 08 වනදා දක්වා එම වාරණය පනවන ලදි.
එම තීන්දුවෙන් පසු ශ්‍රී ලනිප මූලස්ථානයට පසුගියදා තනතුරු වලින් ඉවත් කළ මහින්ද අමරවීර,ලසන්ත අලගියවන්න හා දුමින්ද දිසානායක ඇතුළු පිරිස් ගොස් තිබෙන අතර ඔවුන් මාධය හමුවක් පවත්වමින් නැවත පක්ෂය නගා සිටිවිය යුතු බවට දන්වා ඇත.
අපි එදත් අදත් ශ්‍රී ලංකා කාරයින් බව කී මහින්ද අමරවීර මෛත්‍රිපාල සිරිසේන මෙම පක්ෂය විනාශ කළ බව කීය.
මන්ත්‍රීවරු 144 දෙනා 02 දක්වා බැස්සවූ බවත් රස්තියාදුකාරයන්ගේ තැනක් බවට පත් කළ බවත් මේ නිසා චන්ද්‍රිකා මහත්මිය මැදිහත්වී වාරණයක් ලබාගත් බවත් කීය.
Comments
Post a Comment
Your comment will be visible after approval