
කෝප්පයකට කිරි දොවා තබා වයස මාස තුන හමාරක් වු බිලිදියක සැමියාට භාර දී අලුයම පැන ගිය මව ඊයේ (03) රුවන්වැල්ල මහේස්ත්‍රාත් කාංචනා පෙරේරා මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව යළි බිලිදිය මවට භාර දෙන ලෙසත් නිතිපතා පොලිස් අධීක්ෂණය යොමු කරන ලෙසත් රුවන්වැල්ල මහේස්ත්‍රාත් කාංචනා පෙරේරා මහත්මිය ඊයේ (3) නියෝග කළාය.
මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ බුලත්කොහුපිටියේ පදිංචිව සිටින 23 හැවිරිදි එක් දරු මවකි.අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති එක් දරු මව බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින තරුණයකු හදුනාගෙන ඔහුගේ නිවසට 2022 වර්ෂයේ මුල් කාලයේ කැන්දාගෙන ගොස් ඇති බව පොලිසිය පැවසීය.
දරුවකු පිළිසිද ගෙන ඇති බව තරුණයා හා තරුණිය දැනගෙන තිබුණ ද ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයේ මවුපියන්ට ග්‍රාමයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට හෝ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් දැනුවත් කර නොමැති බවත් පොලිසිය පැවසීය.
කිසිදු වෛද්‍ය පරීක්ෂණයකට මව ඉදිරිපත් වී නොමැති අතර දරුවා බිහි කිරිම සදහා කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් වීමෙන් පසුව 2023 නොවැම්බර් 27 වැනිදා අංග සම්පූර්ණ නිරෝගිමත් බිලිදියක් බිහි කර ඇතැයි කියවිනි.දරුවාට මාස දෙකක් පමණ ගත වු අවස්ථාවේ දී ඔවුන්ගේ මවුපියන් මැදිහත් වී යුවළ විවාහ කර දී ඇති බවත් පොලිසිය පැවසීය. පසුව 2024 පෙබරවාරි මස 25 වැනිදා අලුයම තුනට පමණ දරුවාට මව් කෝප්පයකට කිරි දොවා තබා තද නින්දේ වැටී සිටි සැමියාට බිලිදියට හා සැමියාගේ මවට හොර රහසේ ඇය නිවසින් පිටව ගොස් ඇත.
පෙරේදා 02 වැනිදා සැමියා ත්‍රීරෝද රථයකින් මාවනැල්ල හෙම්මාතගම මාර්ගයේ පරණගම ප්‍රදේශයට ගොස් කිසිවකු නොසිටි නිවසක සිටිය දී බිරිද සොයාගෙන ඇති බවත් පොලිසිය පැවසීය. පසුව ඇය ඊයේ (03) වැනිදා රුවන්වැල්ල මහේස්ත්‍රාත් කාංචනා පෙරේරා මහත්මිය වෙත ඉදිරිපත් කෙරිණ.එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ බිලිදිය යළි භාර ගෙන හදා වඩා ගන්නා ලෙසත් ඇය බිලිදියට හිරිහැර නොකර රැක බලා ගන්නවා ද නැද්ද පිළිබඳ නිති පතා සොයා බැලීමක් සිදු කරන ලෙසට බුලත්කොහුපිටිය පොලිසියට නියෝග කළාය.
චමින්ද වැවතැන්න
Comments
Post a Comment
Your comment will be visible after approval