
කොටහේන සුමිත්‍රාරාම මාවතේ නිවෙසක් වටලා රුපියල් කෝටි හතරකට ආසන්න වටිනා හෙරොයින් මත් කුඩු තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සංගීත ශිල්පියකු අත්අඩංගුවට ගත් බව ආදුරුප්පුවීදිය පොලිසිය කියයි.සැකකරු සමග හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 372ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 558ක් පොලිසිය විසින් සොයා ගනු ලැබ සිටී.
ආදුරුප්පුවීදිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් මෙත්තානන්ද මහතාට ලද තොරතුරකට අනුව, පොලිස් කණ්ඩායමක් නිවෙස වටලා සිදු කළ සෝදිසියේදී වාදන භාණ්ඩ අතර තිබූ බෙරයක ඉතා සූක්ෂම ලෙස මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබූ බව පොලිසිය කියයි.
පැදුරු සාජ්ජ පැවැත්වීම, වාදන භාණ්ඩ කුලියට ලබා දීම ආදිය සිදු කරන මුවාවෙන් මෙම සැකකරු කාලයක සිට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.සැකකරු විදේශගතව සැඟවී සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග
සම්බන්ධව මෙම ජාවාරම මෙහෙයවන බවට සැක කරන බව පොලිසිය කියයි.47 හැවිරිදි සැකකරු රැඳවුම් නියෝග මත පොලිසියේ රඳවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. ආදුරුප්පුවීදිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් මෙත්තානන්ද මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval