nalanda-college-deshabandu

කොළඹ නාලන්දා විද්‍යාලයෙන් බිහිවූ  ආදි ශිෂ්‍යයෙකු වන මෙරට 36 වන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත උපහාර පිදීමේ උත්සවයක් පසුගිය 05 වන දින උදෑසන එම විද්‍යාලීය මලලසේකර රංග ශාලාවේදී  පවත්වන ලදී.
නාලන්දා විද්‍යාලයේ වත්මන් විදුහල්පතිවරයාගේ සහ එම විද්‍යාලයීය ගුරු සිසු පිරිසගේ ගෞරවාන්විත පිළිගැනීම මධ්‍යයේ පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් සහ බිරිය නීතිඥ අනුරාධා විජේවර්ධන ඒ සඳහා සහභාගී වූ අතර පළමුව පොලිස්පතිතුමන් නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිපත්කර එම විද්‍යාලයේ විරු සමරුවට උපහාර දැක්වීමට කටයුතු කලේය.
අනතුරුව පැවැති උත්සව අවස්ථාවේදී තමන් පොලිස්පතිධූරය දක්වා පැමිණි දිවි සැරිය ගෞරවයෙන් ආවර්ජනය කෙරුනු අතර පොලිස්පතිතුමන් අදහස් දක්වමින් ඒ සඳහා තම ජීවිතයට පන්නරය ලබාදුන් නාලන්දා විදු මාතාවට ගෞරව පූරවකව ස්තූතිවන්ත වෙමින් සිය ගුරුභවතුන් සෙනෙහබරව සිහිපත් කළේය.