
කොස්ගම අලුත් අම්බලම බැරේගල කන්ද මාර්ගයේදී සිදුවූ අවාසනාවන්ත රිය අනතුරකින් ජීවිතයක් අහිමිවී තිබේ.
ඊයේ (18) දහවල් ලොරි රථයක් බැරේගල කන්ද මාර්ගයේ ධාවනය කරමින් සිටියදී අතරමැද නතරවී ඇත.
එහිදී රියදුරු විසින් ලොරි රථයේ ගමන් කරමින් සිටි ඔහුගේ මව, බිරිඳගේ මව, බිරිඳ සහ දියණියව ලොරි රථයෙන් බස්සවා නැවත රථය පනගැන්වීමට උත්සාහ කර තිබේ.
එහිදී රථය පිටුපසට ගොස් මාර්ගයේ පෙරළීයෑමෙන් රියදුරු ලොරි රථයට යටවී බරපතළ තුවාල ලබා තිබුණි.
පසුව අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කෙරුණු රියදුරු මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ 39 හැවිරිදි කොස්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
Comments
Post a Comment
Your comment will be visible after approval