katana-canabies

කටාන කඳවල ප්‍රදේශයේ පිහිටි ගෙවත්තක කංසා පැළ තවානක් පවත්වාගෙන ගිය බව කියන කටුනායක ගුවන් තොටුපොළේ පෞද්ගලික පවිත්‍රතා අංශයක සේවකයෙක් කොච්චිකඩේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (17) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.




ගෙවත්තේ වගා කරන ලද කංසා පැළ වියළා ගුවන්තොටු පොළේ සැකකරු සමග සේවය කරන ඇතැම් සේවකයන්ට, මීගමුව සහ කොච්චිකඩේ යන ප්‍රදේශවලටද අලෙවි කර ඇතැයි සඳහන් කරයි.අත්අඩංගුවට ගත් සැකකරුගේ ගෙවත්තේ වගා කර තිබූ කංසා පැළ හතළිහක් පමණ පොලිස් බාරයට ගෙන ඇත. මාස අටක පමණ කාලයක් තිස්සේ සිට සැකකරු මෙම වගාව සිදුකරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.කොච්චිකඩේ පොලිසියට ලැබුණු තොරතුරක් අනුව එහි වැඩ බලන ස්ථානාධිපති පරීක්ෂක සේනානායක මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම කරන ලදී.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය