diyathalawa-mango-friends-death

‘ජීවිතං අනි­යතං මරණං නියතං’ ජීවි­තය අනි­ය­තය, මර­ණය නිය­තය. ඒ බුදුන් වහන්සේ දේශනා කළ එක් බුදු වද­නකි. කිනම් හෝ හේතු­වක් මත මේ ජීවන භවය තුළට මිනි­සුන් ලෙස පැමි­ණීමේ වරම්, වාස­නාව ලද අප යම් දිනක කැමැ­ත්තෙන් හෝ අකැ­මැ­ත්තෙන් සිය ජීවිත ගමන අව­සන් කර යා යුතුව ඇත්තේය. එය සොබා­ද­හමේ නිය­ම­යකි. එහෙත් අප යන්නේ කව­දාද කිනම් ආකා­ර­යෙන්ද යන්න කිසි­ව­කුත් ගිවි­සා­ගෙන නැත්තේය. මාරයා අඬ­ගැසූ පම­ණින් අප ඔහු කරා යා යුතු­මය.

දිය­ත­ලාව නරි­යා­කන්ද ඛේද­වා­ච­ක­යෙන් අපට මනා සේ පෙන්වා දෙන්නේ එම නිත්‍ය වූ සත්‍යයි.

මේ අත­ර­තුර පෙර භවයේ සිට පතා ආ ලෙස ඇතැම් අය එක­ටම හැදී වැඩී, එක පාසලේ එකට සිට අකුරු කර පාසල් කාල­යෙන් පසු­වද අඹ­යා­ළු­වන් සේ හැසි­රෙ­මින් සිට එක­ටම අව­සන් ගමන් යන සුමි­තු­රන් ඇතැම් විට අප සමා­ජ­යේදී දක්නට ඇත. ඊට කදිම උදා­හ­ර­ණ­යක් සප­යන සිදු­වී­මක් නරි­යා­කන්ද මෝටර් රථ අන­තු­රෙන් පසු අපට දැක­ගත හැකි වූයේ මාත­ර­දීය. ඒ මාතර ප්‍රදේ­ශයේ ඉපිද පුංචි සන්දියේ පටන් මාතර රාහුල විද්‍යා­ලයේ එකම පන්තියේ අකුරු කර­මින් සිට, පාසල් කාලය හමාර කිරී­මෙන් පසු­වද පාසල් කට­යුතු, ක්‍රීඩා සමාජ කට­යුතු වෙනත් සමා­ජ­ශීලි ක්‍රියා ඇතුළු සියලු සංවි­ධා­නා­ත්මක ක්‍රියා­කා­ර­ක­ම්ව­ලදී එක­ටම සිටි මිතු­රන් දෙදෙ­නකු වූ ගනේෂ් කම­ල­නාත් ජය­ව­ර්ධන (61) හෙවත් ජය­ව­ර්ධන අයි­යාත්, අරුණ ශාන්ත උපාලි ගමගේ (62) හෙවත් ගමගේ අයි­යාත් නරි­යා­කන්ද රිය අන­තු­රේදී ජීවි­ත­ක්ෂ­යට පත් වූයේ මෝටර් රථ ධාවන තරග ක්‍රීඩා­වට තිබූ අසී­මිත ආසාව නිසාම මාතර සිට දිය­ත­ලාව නරි­යා­ක­න්දට ගොස් තර­ගයේ රාජ­කාරි කර­මින් සිටි­යදී වීම විශේෂ අව­ස්ථා­වකි.



එලෙස එකම තැන­කදී එකට සිටි­මින් අව­සන් සුසුම් පොද වාත­ල­යට මුසු කළ ජය­ව­ර්ධන හා ගමගේ දෙදෙ­නාගේ දේහ­යන්ද එකම තැනට එකට තබා තිබුණේ ඔවුන්ගේ නොබි­ඳුණු මිත්‍ර­ත්වය අව­සන් මොහො­තේත් එකට තබ­මින් වීම විශේෂ අව­ස්ථා­වකි. ඉකුත් ඉරු­දින පස්ව­රුවේ මාතර වල්ගම සණස මල්ශා­ලාව වෙත රැගෙනා ආ ජය­ව­ර්ධන අයි­යාගේ සහ ගමගේ අයි­යාගේ දේහ­යන් එහි අව­මං­ගල්‍ය ශාලාව තුළ එකට සිටින තේ තැන්පත් කර තැබුණේ දෙපා­ර්ශ්වයේ සියලු දෙනාගේ ඒක­ම­තික තීරණ මතය.

මාතර මධ්‍ය මහා විද්‍යා­ලයේ ගුරු­තු­මි­යක වූ නිල්මිණි දීපිකා මහ­ත්මි­යගේ ආද­ර­ණීය ස්වාමි­පු­රු­ෂයා වූ ගනේෂ් ජය­ව­ර්ධන කවිති ජය­ව­ර්ධන, මල්මී ජය­ව­ර්ධන හා සඳරු ජය­ව­ර්ධන යන දිය­ණි­යන් තිදෙ­නාගේ දයා­බර පියා විය. වෘත්ති­යෙන් ව්‍යාපා­රි­ක­යකු වූ අරුණ ශාන්ත උපාලි ගමගේ විශ්‍රා­මික ගුරු­තු­මි­යක වූ ඩී.ජී. පද්මිණී මහ­ත්මි­යගේ ආද­ර­ණීය ස්වාමි­පු­රු­ෂයා වූ අතර, මල්ෂා ගමගේ සහ මතිෂා කාවින්දි ගමගේ යන දිය­ණි­යන්ගේ දයා­බර පියා විය.

‘මාතර සදර්න්’ මෝටර් රථ ක්‍රීඩා සමා­ජයේ ක්‍රියා­කාරි සාමා­ජි­ක­යන් දෙදෙ­නකු වූ ජය­ව­ර්ධන හා ගමගේ මාතර එළි­ය­කන්ද කඳු තර­ණය, යතු­රු­පැදි හා මෝටර් රථ තර­ගා­ව­ලිය ඇතුළු මෝටර් රථ තරග සඳහා නිර­තුරු සිය දාය­ක­ත්වය දෙන අතර, තම දිය­ණි­ව­රුන්ද මේ සඳහා සම්බන්ධ කර­ගැ­නී­මට ඔවුන් නිර­තු­රුව කට­යුතු කර තිබිණි. එහෙත් මෙවර දිය­ණි­යන් නැතිව, දිය­ණි­යන්ගේ අකැ­මැත්ත මත ඔවුන් නරි­යා­කන්ද මෝටර් රථ තර­ගා­ව­ලි­යට එක්ව සිටියේ එය මාර­යාගේ කැඳ­වී­මක් නිසාම වන්නට ඇත. මාත­රින් එක­ටම ගමන් ගත් ජය­ව­ර්ධන හා ගමගේ මෝටර් රථ ධාවන තර­ගයේ තම රාජ­කාරි කට­යුතු කර­මින් සිටි­යේද එකම ස්ථානයේ වීම ඊට කදිම සාක්ෂි­යකි.



දිය­ත­ලාව මූලික රෝහලේ සිට මාත­රට රැගෙන ආ මිතු­රන් දෙදෙ­නාගේ දේහ­යන් මාතර වල්ගම සණස මල් ශාලාවේ එකම ස්ථාන­යක තැන්පත් කර තබා එක­ටම, එකම ස්ථාන­ය­කදී අව­සන් කට­යුතු සිදු කර­න්නට තීර­ණය කර තිබුණේ මිතු­රන් දෙදෙ­නාට කරන ගෞර­ව­යක් ලෙස බව පවුලේ ඥාති­යෙක් හැඟු­ම්බ­රව පැව­සු­වේය.

“ජය­ව­ර්ධ­නයි, ගම­ගේයි දෙන්නම රාහුලේ අපේ අසූවෙ කණ්ඩා­යමේ ප්‍රබල සාමා­ජි­කයෝ. ඒ දෙන්නා හැම­දාම එකට හිටියේ. ජය­ව­ර්ධන, කැඩෙට් කණ්ඩා­ය­මේත්, පාසල් ට්‍රැෆික් කණ්ඩා­ය­මේත් සාමා­ජි­ක­යකු ලෙස කට­යුතු කළා. ඔහු හොඳ මැර­තන් ධාව­ක­යෙක්. උපාලි ඕනෑම සංවි­ධා­යක වැඩ­කට තම දාය­ක­ත්වය දීපු හොඳම හොඳ යාළු­වෙක්. දෙන්නා එකට හිටියා වගේම අව­සන් ගමන ගියෙත් එක­ටම වීම අපිට හිතා­ග­න්න­වත් බැරි දෙයක්” රාහුල විද්‍යා­ලයේ ජ්‍යෙෂ්ඨ ආදි ශිෂ්‍ය­යකු වූ මාධ්‍ය­වේදි අමිත් කරු­ණා­රත්න මහතා පැව­සු­වේය.

මාතර රාහුල විද්‍යා­ලයේ ආදි ශිෂ්‍ය සංග­මයේ කාර්ය මණ්ඩල සාමා­ජි­ක­යකු වූ ගනේෂ් ජය­ව­ර්ධන වැඩි කාල­යක් රාහු­ලයේ දරු­වන් හා කාර්ය මණ්ඩ­ලය සමඟ ගත කළේ ඔහු බෙහෙ­වින් ආද­රය කළ රාහුලේ බස් රථයේ රියැ­දුරු ලෙස තම දාය­ක­ත්වය දෙමිනි. ඔහුගේ රියැ­දුරු කාර්යය හැම­දාම දරු­වන්ගේ ‍ආරක්ෂාව තහ­වුරු කර­න්නක් විය. විටෙක සියලු දරු­වන්ගේ පියා වූයේද ජය­ව­ර්ධ­නය. එය පාස­ලට මහත් අස්වැ­සි­ල්ලක් විය.

සෑම දින­කම උදෑ­සන විවෘත වන උපාලි ගමගේ වෙළෙ­ඳ‍ෙල අද දොර­ගු­ළුලා ඇත්තේය. වෙනදා පත්ත­ර­යක් අතින් ගෙන උපාලි සමඟ කතා­බහේ යෙදෙන මිතුරෝ එහි නැත. වෙළෙ­ඳලේ ඉදි­රි­පස වෙනදා සුළ­ඟට වැනෙ­මින් තිබූ එල්ලන ලද පුව­ත්පත් වෙනු­වට අද එහි ඇත්තේ ශෝකී­බ­රව සුළ­ඟට ලෙළ දෙන සුදු කොඩි­යක් පමණි.

ඊයේ (23) මළ හිරු බැස යමින් තිබි­යදී දශක හයක් පුරා එකට සිට මිතු­දම් පව­ත්වා­ගෙන ගිය අඹ­ය­හ­ළු­වන් දෙදෙනා වූ ගනේෂ් ජය­ව­ර්ධන සහ උපාලි ගමගේ තම බිරි­න්දෑ­වරු, දිය­ණි­යන් මෙන්ම ඥාති හිත­ව­තුන් සියලු දෙනා­ගෙන් වෙන්ව මාතර පොදු සුසාන භූමි­යේදී එකම දිනක, එකම මොහො­තක, එක­ටම සිටි­මින් අව­සන් ගම­නද නිමා­වට පත් කළේ රැස්ව සිටි සියලු දෙනාගේ නෙතු කඳු­ළින් පිරි­ය­ද්දීය.

ගන්දර  - ජය­සිරි පේදු­රු­ආ­රච්චි