
අවුරුදු කාලයට කලඑළි බසින සාම්ප්‍රදායික ජන ක්‍රීඩා දෙකක නම් වෙනස් කළ යුතු යැයි යෝජනාවක් සමජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමැතිවරයා ඉදිරිපත් කර තිබේ.
ඉන් කියැවුණේ, “කණා මුට්ටිය බිඳීම” සහ “අන්ධයාට කිරි කැවීම” යන ක්‍රීඩා මින් ඉදිරියේ පවත්වන අවුරුදු උත්සවවලදී “වාසනා මුට්ටිය බිඳීම” සහ “සගයාට කිරි කැවීම” ආකාරයෙන් නම් වෙනස් කර භාවිත කළ යුතු බවය. සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ, විවිධ ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳව සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීම අරමුණු කර ගනිමිනි.
“මේ තීරණය මං තනිවම ගත්ත තීරණයක් නෙමෙයි. විවිධ ආබාධ සහිත පුද්ගලයන්ට ඒ ආබාධය හැඟවෙන ආකාරයට ආමන්ත්‍රණය කරන්න එපා කියන එක ආබාධිත මහලේකම් කාර්යාලයෙන් දැනට කාලයකට කලින් ඉඳන් කරන ඉල්ලීමක්. ඒ අනුව ආබාධිත ලේකම් කාර්යාලය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එකතු වෙලා ගත්ත තීරණයක් අනුව සමෘද්ධි බැංකු මට්ටමින් කරන අවුරුදු උත්සවවලදි මේ නම් දෙක වෙනස් කරල භාවිත කරන්න තීරණය වුණා.” එහෙම කියන්නේ සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල්ය. ඔහු පවසන්නේ මෙය ආදර්ශයක් කර ගනිමින් මෙවර අලුත් අවුරුදු උත්සවවලදී ඒ ක්‍රීඩාවල නම් වෙනස් කර භාවිත කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් කරන බවය.
Comments
Post a Comment
Your comment will be visible after approval