26-Lakhs-per-party-Independent-31-Lakhs-per-party-president-candidate

ජනා­ධි­ප­ති­ව­ර­යකු තෝරා පත් කර ගැනීමේ පන­තට අනුව පිළි­ගත් දේශ­පා­ලන පක්ෂ­ය­කින් ඉදි­රි­පත් වන අපේ­ක්ෂ­ක­යකු ඇප වශ­යෙන් තැන්පත් කළ යුතු මුදල රුපි­යල් මිලි­යන 2.6ක් හා ස්වාධීන අපේ­ක්ෂ­ක­යකු තැන්පත් කළ යුතු මුදල රුපි­යල් මිලි­යන 3.1ක් දක්වා ඉහළ දමා තිබේ.

 1981 අංක 15 දරන ජනා­ධි­ප­ති­ව­රයා තෝරා පත් කර ගැනීමේ පන­තට අනුව මෙය සිදු කරනු ලබන අතර ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ, අධි­ක­රණ, බන්ධ­නා­ගාර කට­යුතු හා ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා ප්‍රති­සං­ස්ක­රණ ඇමැති විජ­ය­දාස රාජ­පක්ෂ මහ­ත්ව­රුන් එක්ව ඉදි­රි­පත් කළ යෝජ­නා­වට කැබි­නට් අනු­මැ­තිය හිමිව ඇත.



1981 අංක 1 දරන පාර්ලි­මේන්තු මැති­ව­රණ පන­තට අනුව පිළි­ගත් දේශ­පා­ලන පක්ෂ­ය­කින් ඉදි­රි­පත් වන එක් අපේ­ක්ෂ­ක­ය­කුගේ ඇප තැන්ප­තුව රුපි­යල් 11,000ක් දක්වාත් ස්වාධීන කණ්ඩා­ය­මක එක් අපේ­ක්ෂ­ක­ය­කුගේ ඇප තැන්ප­තුව රුපි­යල් 16,000 දක්වාත් ඉහළ දමා තිබේ.

1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විම­සීම් පන­තට අනුව පිළි­ගත් දේශ­පා­ලන පක්ෂ­ය­කින් ඉදි­රි­පත් වන එක් අපේ­ක්ෂ­ක­ය­කුගේ ඇප තැන්ප­තුව රුපි­යල් 6000 දක්වාත් ස්වාධීන කණ්ඩා­ය­මක එක් අපේ­ක්ෂ­ක­ය­කුගේ ඇප තැන්ප­තුව රුපි­යල් 11,000 දක්වාත් ඉහළ දමා ඇත.



ජනා­ධි­ප­ති­ව­රයා තෝරා පත් කර ගැනීමේ පනතේ, පාර්ලි­මේන්තු මැති­ව­රණ පනතේ සහ පළාත් සභා ඡන්ද විම­සීම් පනතේ විධි­වි­ධාන පරිදි දැනට පව­තින ඇප තැන්පතු මුදල් සීමා­වන් කාලෝ­චිත පරිදි වත්මන් සමාජ, ආර්ථික සහ දේශ­පා­ලන පසු­බිම් අනුව යාව­ත්කා­ලීන කිරීම සුදුසු බවට හඳු­නා­ගෙන ලැබ ඇත.

ඒ අනුව අදාළ ඇප තැන්පත් මුදල් සංශෝ­ධ­නය කිරී­මට පනත් කෙටු­ම්ප­තක් සකස් කරන ලෙස නීති කෙටු­ම්පත් සම්පා­ද­කට උප­දෙස් දීමට මෙලෙස අනු­මැ­තිය හිමිව තිබේ.

ජනා­ධි­ප­ති­ව­ර­යකු තෝරා පත් කර ගැනීමේ පන­තට අනුව පිළි­ගත් දේශ­පා­ලන පක්ෂ­ය­කින් ඉදි­රි­පත් වන අපේ­ක්ෂ­ක­යකු දැනට ඇප වශ­යෙන් තැන්පත් කළ යුතු මුදල වන්නේ රුපි­යල් 50,000ක් වන අතර ස්වාධීන අපේ­ක්ෂ­ක­යකු තැන්පත් කළ යුතු මුදල රුපි­යල් 75,000කි.

(නුවන් කොඩි­කාර)